30 කොටස

289 24 4
                                    

"යෙනෝන් ඕකෙන් එලියට එන්න"

"......"

"මොකක්ද බබා වෙලා තියෙන්නෙ"

"අයියේ ප්ලීස් මට මේක ඇතුලේ ඉන්න දෙන්න,ඔයා එක්ක ඉන්නවට වඩා මේක ඇතුල හොදයි මට"

"මොකද දැන් ඔය"

"මාව කිස් කරන්නවත් අකමැති මනුස්සයෙක්ට වද දිදී එයා එක්ක ඉන්න උවමනාවක් නෑ මට"

"මොනාද බං උබ කියන්නේ"

"උදේ ඉදන් කිස් එකක් ඉල්ලන්නෙ හැමවෙලේම මොනාහරි කරලා මගඅරිනවා"

"ඔක්කොටම කලින් ඕකෙන් එලියට වරෙන්කො"

"බෑ කිව්වනේ මම එන්නෙ නෑ,ඔයා ගිහිම් නිදාගන්න,මට මේක ඇතුලේ නිදාගන්න පුලුවන්"

"යෙනෝන් විකාර  කරන්නෙ නැතුව එනවා."

"මම එන්නෙ  නෑ බායි ගුඩ් න-"

මට එච්චරයි කියන්න පුලුවන් උනේ එයා දොර ඇරගන බාතෲම් එක ඇතුලට ඇවිල්ලා ශවර් එක ඕෆ් කරලා ටවල් එක මගේ දිහාවට එව්වා.

"ඇදගනිං ටවල් එක"

යකෝ මේ මිනිහට මොන යකා වැහිලද මන්දා ඒ පාර.කෑ ගැහුව විදියට මාව ගැස්සිලා ගියා.ඉතිං මම ඉක්මනට ටවල් එක ඇදගත්තා.

"ගලවපන් දැන් ඔය තෙත කලිසම"

"බ-බනින්නේ ඉතිං ගලවන්නම්"

එහෙම කියලා මම ටවල් එකට යටින් තිබ්බ ශෝට් එක ගැලෙව්වා.

"අහ් දැන් කාමරේට ගිහිං ඇදුමක් ඇදගනිං"

මම හොරගෙඩියා වගෙ එයාගෙ මූන දිහාත් චුට්ටක් බලලා සේප් එකේ කාමරේට ගිහිම් මගේ දම් පාට ශෝට් එක ඇදගත්තා.ඊටපස්සෙ මම ආපහු බාතෲම් එකට ගියා එයා මොකද කරන්නෙ බලන්න.

යකෝ දැන් ටිකට කලින් මගෙ ඇගට කඩන් පැන්න දාම ගාතකයාට වෙච්චි දෙයක් නෑ.එයා බාතෲම් එකේ ඉදන් තනියම හිනාවෙනවා.සුවර් එකටම මට වෙන්න ඇති හිනාවෙන්නෙ.හිතේ ඇති ඒ කෑ ගැහිල්ලට මම බය උනා පුහ්.නියම සටන්කරුවෝ උනත් ඉස්සෙල්ලාම අඩියක් පස්සට යනවා හුම්.මම එයාටත් ගස්සගන ආපහු කාමරේට ආවා.හැබැයි ඉතිං ඒක එයා දැක්කෙ නෑනෙ.ඒ උනාට දැන් ඇත්තමට මම දුකින් ඉන්නේ.ඇයි එයා මෙච්චර කිස් කරන්න යද්දි මාව මග අරින්නෙ.කම්මුලට සූටි එකක් දුන්නා නම් මම හොද බබා වගේ සද්ද  නැතුව ඉන්නවනේ.එයාට මාව අප්පිරියයිද දන්නෙ නෑ.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now