22 කොටස

216 23 9
                                    

"ඇයි ඕයි උන තියාගනත් ඔහොම මෝඩයෙක් වගෙ දගලන්නෙ,අර ඇදට ගිහිං නිදාගනිම්කො"

මම මේ වොශ් දාන්න යන්න කලින් උන සීන් එක හරියට ප්‍රොසෙස් කරගන්න බැරුව එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියෙ.ඒකට තමා මේ යස්සයා මේ දගලනවා කියන්නෙ.එතකොට මේ මනුස්සයා මට ඇත්තමට ආදරෙයිද.ඒ උනාට ආදරෙ නෑ කියලනෙ කිව්වෙ.හැබැයි ආදරෙ නෑ කියලා උම්මා එකකුත් දුන්නා.ඊටපස්සෙ ඔඩොක්කුවටත් ගත්තා.සමහරවිට මෙයාගෙ vocabulary එකේ ආදරෙ නෑ කියන්නෙ ආදරෙයි කියන එකට වෙන්න ඇති.අන්තිමට මම එහෙම හිතාගත්තා.ඇයි යකෝ මේ පස්න වලට උත්තර මේ පුම්චි එකාම තනියම හොයන්න එපැයි.මට උන කියලා මේ බ්ලැක් පැන්තර් එනවා ඈ ඕවා හොයලා දෙන්න.

"අඤේ මේ, මම දැගලුවෙ නෑ ජීවිතේ ගැන කල්පනා කරේ"

"අහ් එහෙමද?දැන් උබට ජීවිතේ ගැන කල්පනා උනාද"

"ඔව් ඇයි ගේමත"

"පොඩි සයිස් බූරුවෝ මරන්නෙ  නැති නිසා උබ එක්ක ගේමට එන්න විදියක් නෑ"

"මට පොඩි සයිස් බූරුවා කිව්වා..........ඒ අපහාසය දරුනු වැඩි ඈ.කොහෙද බලනවා මගෙ පොඩි"

"හ-හරි උබ ලොකුයි දැන් ගිහිං නිදාගනින්කො,මම කන්න මොනාහරි ඕඩර් කරන්නම්."

මම මගෙ කොහෙද පොඩි ඇහුවට පස්සෙ.එයාට මගෙ උඩ ඉදන් යටටම බැලුනා.පුම්චි පුතා සෝටක් විතරයික් ඇදන් හිටිය නිසා අයියා බබාට ලැජ්ජා හිතිලා වගේ.....අනේ අනේ හොරගෙඩියා.

"ඔඩොක්කුවට එන්නම්ද ආය"

"යෙනෝන් ඇදට ගිහිම් නිදාගන්නවා"

"ඔවා මට නින්ද ගියාම මොනාහරි කරන්න නේද හදන්නෙ"

"ඔව් උබව කෑලි කරලා,අවයව ජාවාරම්කාරයෙක්ට විකුනනවා"

"අහෝ..... මගෙ හදවත කපද්දි හෙමින් කපන්න අයියා.....හ් ඒක ඇතුලෙ පුම්චි පුම්චි ක්‍රශ් දෙක තුනකුයි ඔයායි ඉන්නවා.එයාලට රිදෙයි"

"🤣🤣🤣🤣 මොනාද බං කියන්නෙ"

"ටික් ටොක් එකෙන් හොයාගත්ත වදන් පෙලක් සුට්ටක් මොඩිෆයි කරා.එච්චරා..................යි"

මම එහෙම කියනවත් එක්කම එයා මගෙ ලගට ඇවිල්ලා නලලට අත තියලා බැලුවා.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now