24 කොටස

242 25 9
                                    

"අ-අයියේ......."

"ඒ පාර මොකද මේ උදේ පාන්දර අඩන්න වගේ"

"අනේ අ-අපි මේකට මො-මොනාහරි බෙහෙත් එකක් ගාමුකො"

"මොකටද බෙහෙත් ගාමු කියන්නෙ"

"ම්-මේ අතේ උඩ නිල් වෙලා තියෙන්නෙ මගෙ කකුල වැදිලා වෙන්න ඇති"

"අ-අඩේ මම ඒක දැක්කෙත් දැන්,එච්චර රිදෙන්නෑ ඕයි.ඔය චුට්ටක් මොනාහරි උනත් පාර හිටිනවා මගෙ හමේ හැටි බං"

"ඒ උනාට ඔයාට රිදෙනවා"

"නෑ ඕයි රිදෙන්නෙ නෑ"

"පොමිස්ද"

"හා හා ඕන මගුලක්"

"අයියේ..."

"ම්ම්ම්ම්ම්"

"මම අඩන්නම්ද?"

"ඒ මොකටද"

"මගෙ කකුල වැදිලා මෙහෙම උන නිසා මට දුකයිනෙ"

"අනේ මේ මගෙන් ගුටි නොකා හිටහං යෙනෝන්.උබම පයින් ගහලා උබම ඇඩුවම මම මොකක්ද කරන්න ඕනෙ කියහංකො"

"පයින් ගැහුවෙ නෑනෙ,නින්දෙන්නෙ වැදිලා තියෙන්නෙ"

"ඇත්තටම පයින් ගැහුවා නම් උබව මම කකුල් දෙකෙන් එල්ලනවා ගහක"

"යැයි යැයි යැයි එල්ලයි කියලා තමා බය."

"අන්න එහෙම බයේම හිටපන් ඈ"

"මම ---- තමුසෙට ------ බය------ නෑ......."
 
"අහ් බය නැද්ද තෝ උන හොද කරන් වරෙන්කො මම පෙන්නන්න බය"

"ඒ මට උන හොදයි අයියෙ.මොනාත පෙඤ්ඤඤ්ඤ යන්නෙ,ඈ ඈ ඈ ඈ"

"මේ ඔය විදියට මූන හදාගන මගෙ ලගට එන්න එපා දෙනවා එකක් බෝඩිමටම විසික් වෙන්න හරිද"

"ඕ.......කුඩ්ඩහ් මගෙ බැල්මට බයයි නේතහ්.සරාගී නෙත් දිහා දෙපාරක් බලන්න එපා වසී වෙයි"

"වසී නෙවේ මට වමනෙට වගෙ ඇවිල්ලා කරකැවිල්ල හැදෙනවා ඒකයි එපා කිව්වෙ"

"ඌප්ස් අයියා බබා....හ් ඒ රෝග ලක්සන නම් එච්චර හොද ඤෑ"

"මොකක්"

"ඔයා සංවේදී වෙන්න එපා ඒ උනාට මම මේක කියන්නම ඕනෙ,ඔයා ප්‍රෙග්නට්ද කොහෙද?"

"ආ-----ව් අයියේ ගහන්න එපා අනේ මට උනනේ.අනේ අම්මේ මූ මට ගහනවා.....අඩේ අඩේ අතින් නම් ගහල්ල එපා මම ලෙප්ට් ඔය අතකින් කෑවොත් එහෙම,ඉතිං ඒ රෝග ලක්සන එන්නෙ ප්‍රෙග්නට් උනාම නිසානෙ කිව්- ආයි අනේ ඒක රිදුනා අයියේ"

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ