14 කොටස

243 32 16
                                    

"මෙතනින් අයිස්ක්‍රීම් එකක් ඕනෙද"

"කන්නත් බෑ වගේ දැන් නම් ඒත් කමක් නෑ ඔයා කියන නිසා කාලා බලමුකො"

"අහ් නෑ නෑ එපා උබේ ඔලුව රිදෙනවා කිව්වෙ"

"ඒක හොඳ උනා😑"

"අනේ මන්දා උබත්"

අර පොඩි කඩෙන් වඩේයි රොටියි කාලා,අරුන් සෙට් එකගෙනුත් අමාරුවෙන් බේරිලා අපි දෙන්නා ආය ගෝල්ෆේස් එකට ආවා.අමාරුවෙන් බේරුනා කියන්නෙ මෙහෙමයි.මාව එහා පැත්තට ගත්තට පස්සෙ එරෝන් අයියා ear buds දාගන ෆෝන් එකට ඔලුව ඔබාගන  හිටියා, ඊටපස්සෙ  ඉතිං අරුන් මාත් එක්ක කතා කරන්න ගත්තා.අර ස්පෙක්ස් දාපු එකා නම් මාත් එක්ක ගේමට වගේමයි හිටියේ.

ඌට මාත් එක්ක යකා නැග්ගෙ මම පුටුවෙ කකුල් දෙකෙන් ඉන්න ගිහිම් භූමි වන්දනා කරන්න ඔන්න මෙන්න තියෙද්දි එරෝන් අයියා මාව අල්ලගත්ත වෙලාවෙන් පස්සෙ.මොකද මේකා කාත් එක්කවත් කතා නොකර ෆෝන් එක කකා ඉදලා,එකපාරට මාව වැටෙන්න යද්දි අල්ලගත්තම එයාට ක්‍රස් වෙලා ඉන්න අරූට මාත් එක්ක තරහා එන එක සාදාරනයි එක අතකට.අහ් අර ස්පෙක්ස් කොල්ලා එරෝන් අයියට උගෙ කාඩ් එකත් දෙන්න හැදුවද කොහෙද,එතකොටම අනේ මට අමූ.........තු විදියට ඔලුව රිදෙන්න වගේ ගත්ත නිසා මම අයියාවත් එක්කම් ඉක්මනට එන්න ආවා.එපා වෙනවා නේත මේ හිසරද කියන එව්වාත්😁.මම බලාගන අරූ මොනාද කිය කිය අපි දිහා බලන් ඉන්නවා.හූ හොදවැඩේ බේසික දරුවා.

"අංකල් ෆැන්ටෑස්ටික් අයිස්ක්‍රීම් දෙකක් දෙන්න"

එයා ආපහු අයිස්ක්‍රීම් දෙකක් ගත්තා.ඊටපස්සෙ අපි දෙන්නා ගෝල්ෆේස්  එකේ තනකොල තියන ටිකත් පහු කරගන ගිහිම්,තිබ්බ පඩිපෙලකින් වාඩි උනා.දැන් නම් කලින් තරම්වත් මිනිස්සු නෑ.ට්‍රිප් එකක් ආව කොල්ලො සෙට් එකක් කෙලවරක හිටියා.ආය එලි වෙනකම් ගෝල්ෆේස් එකේ ඉන්නද කොහෙද ආව කපල් එකක් දෙකක් හිටියා.පරිසරය පට්ට නිදහස්,අපි දෙන්නා වාඩි උනේ කොනකට වෙන්න එතනට ටිකක් කලුවරයි.එතන වාඩිවෙලා මුහුද දිහා බලාගන අපි දෙන්නා අයිස්ක්‍රීම් දෙක කාලා ඉවර කරා.

"අහස ලස්සනට පේනවා නේද අයියේ"

"ම්ම්ම්ම් මම ආසයි ඔය හඳට"

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now