21 කොටස

253 28 21
                                    

"තමුසෙට කන්න මොනාහරි ඕනෙද"

එයා කාර් එක චුට්ටක් ස්ලෝ කරලා මං දිහා බලන්නෙ නැතුවම ඇහුවා.

"එපා"

මාත් හෙන ගැම්මෙන් එහෙම කියලා ආපහු ජනේලෙන් අහක බලාගත්තා.ඊටපස්සෙ එයා මෙච්චර වෙලා ආවටත් වඩා වේගෙන් ආපහු ඩ්‍රයිව් කරන්න ගත්තා.දැන් නම් මට නිදිමතයිත් වගේ ඒ නිසා මම සීට් එක උඩ තිබ්බ මගෙ බඩු දාලා තිබ්බ බෑග් එකෙන් ඔලුව තියාගත්තා.

"ඒ බහිනවා"

"ම්ම්ම්ම්ම්හ් මට අමාරුයි අනේ තව ටිකෙන් ඈ"

"යෙනෝන් අපි ගෙදර ආවා බැහැලා ගිහිම් වොශ් දාලා ඇදෙන් නිදාගන්නවා"

එතකොට තමා මම හරි සිහියට ආවේ.

"ආ- ආ... අයියෙ ඕනෙ නෑ මම මෙතන ඉන්නම් කාර් එක ඇතුල රස්නෙයිනෙ"

"තමුසෙව මෙතන දාලා මට යන්න බෑනෙ ඕයි"

"න්-නෑ අව්ලක් නෑ ඔයා යන්න,මම මෙතන ඉන්නම් පුලුවන් නම් ඔයා මට උනුවතුර ටිකක් ගෙනත් දෙන්නකො"

"යෙනෝන් මෙහෙ එනවා යන්න"

"ඕනෙ නෑ අයියේ,මම ඇතුලට ආවම ඔයාගෙ ප්‍රයිවසි එකටත් බාදාවක්නෙ.මට අව්ලක් නෑ මෙතන පට්ට"

"මොන හුත්තක්ද තොට වෙලා තියෙන්නෙ ආ..හ් සිංහලෙන් ගෙට වරෙන් කිව්වම උබට තේරෙන්නෙ නැද්ද.යකෝ අරූටත් යන්න කියලා මම උබව මෙහෙ එක්කම් ආවෙ මේක අස්සෙ දාලා යන්න නෙවේනෙ.මගෙ යකා අව්ස්සන්න එපා යෙනෝන්"

සන්තානම් මෑනියනේ ඒකට නම් මම එකසිය ගානට බය උනා උණත් බැස්සද කොහෙද.හේ හේ ඕක හෙමින් කිව්වා නම් මම යනවානෙ ඔච්චර කෑ ගහන්න දේකුත් නෑනෙ.හුම්.ඒ පාර මෙන්න ආය ඇඩීගන එන්නෙ මට මංගල්ලයක්ද මේ.උගුරත් එක්ක මොකක්ද වෙලා ඇඩෙන්න තව සුට්ටයි තියෙන්නෙ.

"හ-හරි යමු"

එරෝන් අයියා මගෙ අතින් අල්ලගන ගේ ඇතුලට එක්කම් ගිහිම් සෝෆා එකෙ වාඩි කෙරෙව්වා.

"ඔහොම හිටපන් මම උනුවතුර එකක් අරන් එන්නම්"

"ම්ම් හ-හරි අයි-යෙ"

එයා ගියා විතරයි මම ආය අඩන්න ගත්තා.දැන් උබලා හිතයි මම අඩන බබෙක් කියලා නෑ ඕයි මම එහෙම නෑ ඒ උනාට මේකා හිත රිද්දවනවානෙ ඉචිම් ඇඩෙනවා.ඒක මගෙ වැරැද්දක් නෙවේ.අඩ අඩම ආපහු ෆෝන් එක අරන් මම ආපහු ඒ status එක බැලුවා.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now