6 කොටස

319 38 16
                                    

ඊටපස්සෙ බෙන්ච් එකක් උඩ වාඩිවෙලා අපි කන්න පටන් ගත්තා.විහඟයා නම් මොකෙක්වවත් ගනන් නොගෙන දරුනුවටම ඉස්සෝ වඩේකට යටවෙලා.

"තෝ ඔය ඉස්සා දිහා බල බල ඌගෙ ජෙන්ඩර් එක හොයනවද,කාපන්කො ඕයි,මම දැන් පහක් විතර කෑවා"

විහඟයා කෑ ගැහුව පාර මාව ගැස්සිලා ගියා.ඌ දන්නවා මම අව්ලෙන් ඉන්නේ කියලා.ඒ නිසා ඌට දැන් ඕනෙ මගෙ මූඩ් එක ටිකක් හරි චේන්ජ් කරන්න.

ඇත්තටම මට පට්ට දුකයි.බලාපොරොත්තු ඔක්කොම එකපාර නැති උනා වගේ ෆීලිං එකක් තියෙන්නෙ.

එයා මට මුල ඉදන් ම එනවා කියලා කිව්වෙ නෑ. ඒ උනාට මගෙ යටි හිත කිව්වා නෑ ඔය බෑ බෑ කිව්වට එයා අනිවාරෙන් එයි කියලා.හැබැයි අන්තිමට මගෙ යටිහිත වැරදියි.ඒක එයාගෙත් වැරැද්දක් නෑ මොකද එයා කොයි වෙලාවකවත් එනවා කියලා කිව්වෙ නෑ.මමයි ලොකුවටම බලාපොරොත්තු තියාගත්තේ .

මගෙ ජීවිතේ ඕනි තරම් යාලුවෝ ගමන් යන්න එන්නම් කියලා එන්නෙ නැතුව ඉදලා තියනවා.හැබැයි මට ඒවා කවදාවත් මෙච්චර දැනිලා නැ.මෙච්චර නෙවේ කොහොමවත් ම ගානක් නෑ.ඒත් අද මට දුකක් එක්ක ලොකු පාලුවක් දැනෙනවා.

මට කෑ ගහලා අඩන්න ඕනෙ උනා.එයාට ඇහෙන්න කෑ ගහන්න හිතුනා.මට ඔයාව බලන්න ඕනි උනාට ඔයාට මාව බලන්න ඕනෙ නැද්ද කියලා අහන්න හිතුනා.ඒත් ඇයි මම එහෙම අහන්නෙ.මම එයාගෙ කව්ද,එයාට මම වෙනුවෙන් එන්න කියලා කියන්න එයා ගැන මට තියන අයිතිය මොකක්ද.මම දැනගන හිටියෙ එක දෙයයි. මට එයාව මහ හුගක් ඕනි උනා.

එදා මට එච්චර සතුටක් තිබ්බේ නෑ .ඒ උනාට අනිත් සෙට් එක නිසා චුට්ටක් මූඩ් එක ෆික්ස් උනේ නෑ කියන්නත් බෑ.කොහොමහරි හැමතැනම රව්ම් ගහලා අපි ආය ගෙදර එන්න ආවා.

සුරංගනා කතාවල වගේ අන්තිමට හරි එයා ආවේ නෑ.එයාටත් නො එන්න හේතු ඇති.ඒ උනාට හත්වලාමෙ මට දුකයිනෙ .මටම හිතෙනවා මම නිකම් ඉන්නෙ බූට් කෑව එකෙක් වගේ කියලා.මොකක්ද යකෝ මට මේ වෙලා තියෙන්නෙ.අනේ මන්දා ඕන මගුලක් කියලා මම බස් එකට නැගලා සීට් එක එකට ඔලුව තියාගත්තා.

අම්මලාත් තාත්තාගෙ ගමේ ගිය නිසා ගෙදර ගිහිම් තනියම ඉන්න වෙන්නෙ.ඒකත් හොඳයි. ඕන විදියට අව්ලෙන් හිටියැකි.නැත්නම් අපේ අම්මා පාඩුවේ අව්ලෙන් ඉන්නවත් දෙන්නෙ නෑනෙ අප්පා."ඇයි ඔහොම ඉන්නෙ,ඔහොම ඉන්න එපා ලමයෝ,මොකක් හරි අව්ලක නම් ඉන්නෙ අම්මට කියන්නකො"ඔන්න ඔහොම කිය කිය මේ අහිම්සකයාට වද දෙනවා.ඊටපස්සෙ මට අව්ලෙන් ඉන්න එක එපා වෙලා අම්මා එක්ක මොනාහරි විකාර කතාවක් කියන්න ගන්නවා.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Where stories live. Discover now