13 කොටස

259 34 11
                                    

"අර ශොප් එකේ තියන ලයිට්ස් පට්ට ලස්සනයි නේද අයියේ.මම කවදාහරි දවසක මගේ ගෙදරට ඔය වගෙ ලොකු ලයිට් සෙට් එකක් දානවා."

"ම්ම්ම්ම්"

"ඔයා ආස නැද්ද ඒවට"

"විශේශයක් නෑ ඉතිං"

අපි දෙන්නා මේ නයිට් වෝක් එකක්.හේ හේ මේක මගෙ තිබ්බ හීනයක්.ගොඩක් අය එක්ක නැතුව,මගෙ වයිබ් එකට සෙට් වෙන එක්කෙනෙක් එක්ක, ඔහේ කියව කියව පොඩි පොඩි කඩවලින් හිතෙන හිතෙන කෑම කන ගමන් ඔහේ ඇවිදින එක.ඒක වෙනම ෆීලිං එකක්.

හෙට වෙනකම් ගෝල්ෆේස් එකේ ඉන්න එකට එරෝන් අයියා කැමති උනාට පස්සෙ මම එයාගෙන් ඇහුවා අපි දැන් මොකද කරන්නෙ,ඔයා මොකක්ද කැමති කියලා.

කියන්න සතුටුයි මිත්‍රවරුනි,මේ මනුස්ස ප්‍රානියා කිව්වා එයැයිට මේ ඉන්න තැනම වාඩිවෙලා මුහුද දිහා බලන් ඉන්න තිබ්බාම ඇති කියලා.ඒ උනාට ඒවා කොහෙද මාත් එක්ක.

මම දිගටම යුද්දය ප්‍රකාස කරලා,රවාගන ඉදලා,බැනලා,කියවලා දෙතුන් පාරක් මුහුදටත් පනින්න හදලා තමා මේ මනුස්සයාව නැගිට්ටවගන මේ නයිට් වෝක් එකට ආවෙ.

හැබැයි ඉතිං මම පාරවල් දන්නෙත් ඤෑ.ඒ  උනාට එරෝන් අයියා දන්නවනේ.ඉතිං මම කිව්වේ මට කොහෙහරි යන්න ඕනෙ කියලානෙ දැන් සෑහෙන වෙලාවක් තිස්සේ එයා මාව කොහෙහරි එක්කම් යනවා.මාත් ඉතිං වටපිටේ තියන එක එක ඒවා බල බල කියව කියව එයාගෙ පස්සෙන් යනවා.අහ් තව අපි යන පාරෙ තිබ්බ කඩවලින් පොඩි පොඩි කෑම ජාතිත් කෑවා. කොහොමහරි අන්තිමට අපි නැවතුනා පොඩි කඩයක් ලග.අපි දැන් මේ ඉන්නේ කොහෙදෝ මන්දා, ඒ උනාට හරි නිදහස් තැනක්.ඒකෙ එක එක කෑම වර්ග තිබ්බා.අනේ මම ආසාවෙන් හිටියා වගේම විනිවිද පේන පුංචි වීදුරු කෝප්පෙකට දාලා කිරි තේ දෙනවා,වඩේ,රොටී එහෙමත් තියනවා.

"අයියේ අපි වඩේයි,රොටියි ගමුද"

"දෙකම??"

"හුම්ම්,මට කන්න පුලුවන්"

"උබෙ බඩේ නම් ඉන්නේ හිගන්නෙක්"

"අනේ මේ පුංචි බඩේ කාටවත් ඉන්න බෑ හරිද,කන කෑම ටිකත් ඇතුලෙ ඉන්නවා ඇත්තෙ හරි අමාරුවෙන් හුම්.

🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤Unde poveștirile trăiesc. Descoperă acum