Chapter I

280 40 2
                                    

"සර් මේ මෙතන පොඩ්ඩක් බලන්න මේක හරිම අමුතුයි. මෙහෙම දෙයක් මෙතන කවදාවත් දැකලා නෑ." තමන්ගේ දුරදක්නයෙන් අහස නිරීක්ෂණය කරමින් හිටපු ජන්ග්කුක් එක්වරම කෑ ගැහුවා.

"මොකක් ද ජන්ග්කුක්"

"මේ මේක සර්. සර් මං පොඩ්ඩක් බලන්න."

"කෝ බලන්න"

තමන්ගේ දුරදක්නය ඉවත් වුන ජන්ග්කුක් තමන්ගේ ගුරුවරයාට ඒක නිරික්ෂණය කරන්න ඉඩ දුන්නා.

"ඔයා මොකක් ගැනද කිව්වේ ජන්ග්කුක් "

"සර් මං බල බල හිටියේ අඟහරු දිහා. ඒත් මං එතනදි අමුතු දෙයක් දැක්කා. සර් බලන්නකෝ හරියට අංශක 56 කින් පිහිටලා තියන දේ දිහා."

ජන්ග්කුක් ගේ ඉල්ලීමට ආපහු වතාවක් ඔහු එය නිරීක්ෂණය කරා.

"ජන්ග්කුක් මෙතන මුකුත් නෑ. ඔයා මොකක් ගැනද කියන්නේ"

"එතන හරි අමුතු වගේ දෙයක් තිබ්බා. ඒක තිබ්බේ අඟහරුට අංශක 56 ක් මෙහයින්."

"ජන්ග්කුක් සමහරවිට ඔයා දකින්න ඇත්තේ වෙන දෙයක් වෙන්න ඇති. හරියට space waste වගේ. එහෙම දේවලුත් තියෙනවා."

"ඒත් සර් ඒක එහෙම දෙයක් නෙවෙයි නේ."

"ජන්ග්කුක් දැන් ඒ ගැන හිතන ගමන් කාලේ නාස්ති කරන්න එපා. ඔයාට දැන් කියපු දේ කරන්න කෝ."

"ඒත් සර් ඒක..."

"ජන්ග්කුක් "

"හරි සර්..."

තමන්ගේ ගුරුවරයාගේ කෑ ගැසීමට අවනත වුන ජන්ග්කුක් නැවත පාඩමට අවධානය යොමු කරත් හිතේ නම් තිබ්බේ මීට කලින් එයා නිරීක්ෂණය කරපු දේ. ඒක වෙනස් දෙයක් කියලා ජන්ග්කුක් දැනගෙන හිටියා.

"ඔහ් කුක් මොකෝ මේ මූන එල්ලන්. ඇයි අද මොකද වුණේ "

"මුකුත් නෑ " ඔහු නෝක්කාඩු ස්වරයෙන් කිව්වා.

"යකෝ මුගේ ගෑස්. ජිමිනෝ යමන් යන්න. මට බෑ මේ එක එකාගේ ලොකුකම් බලන්න."

"හිටපන්කෝ ටේයා."

"ඇයි දැන්"

ජන්ග්කුක් අද වුන දේවල් එයාගේ යාලුවන්ට පැහැදිලි කරන්න පටන් ගත්තා.

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now