Chapter IV

99 27 1
                                    


ටික ටික කාලය ගෙවිලා ගියා. ජන්ග්කුක් වගේම අනික් අයත් කොලේජ් එකේ වැඩ නිසා හුඟක් බිසී වුණා. ඒ වගේම ජන්ග්කුක්ගේ උල්කාව ගැනත් එයාට ටිකක් අමතක වුනා. මොකද මේ දවස් ටිකේ එයාලට එක්සෑම්. ටේගේ තාත්තත් එයාගේ වැඩ එක්ක බිසී වුණ නිසා එයාලට හම්බ වෙන්න වුනේ නෑ.

ඒත් හැබැයි එක දෙයක් නැවතුනේ නෑ...

ඒ තමයි ජන්ග්කුක් දකින අර අමුතු හීන. එයාට නොතේරුනු එක විකාර හීනයක් තිබ්බා..

--------

"කුකී ඔයා හිතනවද මේක හරියයි කියලා. ඔයාට බැරිද ඊළඟට තියන මිශන් එකට එන්න."

"අනේ හියුන් මටත් ඕන ඔයා වගේ වෙන්න. මේක මගේ හීනේ. අනික මේක හරියටම හරියනවා."

"ඒත් පොඩි එකෝ. ඔයා තව කාලයක් මේකට පුහුණු වීම් කරොත් හොඳයි කියලා තමයි මං නම් හිතන්නේ."

"ප්ලීස් හියුන් මට ඔයත් එක්කම තමයි මේක කරන්න ඕන. අනික එයාලමනේ මාව මේකට තෝරගත්තේ"

"තමුන්ගේ හිතුවක්කාරකම ඔක්කොටම වඩා ලොකුයිනේ.."

"මං එනවාමයි යන්න. I'm the best"

"Okay okay you're the only best one in this world"

"Arh hyung "

----------

"ආහ් ආයෙමත් ඒ හීනෙම ඇයි ඊට එහායින් කිසි දෙයක් පේන්නේ නැත්තේ"

"මොන හීනෙද ජන්ග්කුක් "

"අනේ මන්දා ජිමින් මේ දවස් වල මං එකම හීනයක් දකිනවා. මට තේරෙන්නේ නෑ."

"කවදා ඉදන්ද උඹට ඒක පේන්නේ"

"එදා අර සේහූන්ගේ birthday party එක තිබ්බ දවසේ ඉදන්"

"මං හිතන්නේ උඹ එදා බිව්වට පස්සේ ඔළුවේ අවුලක් වෙලා ද කොහෙද"

"නෑ බන් පොඩ්ඩක් කියන දේ අහපන්කෝ"

"හරි ඉතින් කියන්න කෝ"

ජන්ග්කුක් එයාට පේන දේ විස්තර කරලා ජිමින්ට කිව්වා.

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now