Chapter X

87 27 0
                                    


"කුකී.."

කියන ගමන් ජින් සිහිය නැතුව වැටුණා....

ජන්ග්කුක් බිම ඉන්දවුනේ එයත් එකපාරටම පුදුම වුනා නිසා....

"ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න. ජින් ෆේන්ට් වුණා..."

හැමෝගෙම අවධානය හැදුනේ ජින් ළඟ. ජන්ග්කුක් තවමත් හිටියේ බිම් ඉඳගෙන ඇස් ලොකු කරගෙන ඒ දිහා බලන්.

එතනට ආපු වෛද්‍යවරුන් වගේම හෙදියන් ජින්ට ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඒ නිසා කාමරයෙන් පිටතට අනෙක් අයව යවන්න ඔවුන් කටයුතු කරා...

ජන්ග්කුක් නැගිටලා බිත්ති වලට වාරු වෙවී එළියට එද්දී සූබින් ඒක දැක්කා...

"ජන්ග්කුකා මොකද බන් මේ හොල්මනක් දැකලා වගේ.." සූබින් ජන්ග්කුක් ගේ මූණ දිහා අවධානයෙන් බලන් ගමන් ඇහුවා...

ඇත්තටම ජන්ග්කුක් ගේ මූණෙන් පෙනුනේ ඔහු යමකට බය වුණ ස්වරූපයක්...

"ඒ___ එයා__එ__යා_ ත_මයි ඒ" ජන්ග්කුක් වචන පටලවමින් කිව්වා...

"කවුද කුක්..." ජිමින් ඇහුවේ ජන්ග්කුක් ළඟට ලං වෙන ගමන්...

සූබින් ගේ වාරු ඇතුව එළියට ආව ජන්ග්කුක් එලියේ තිබුණ පුටුවකින් වාඩි වුනා...

"ජිමින් ඒ හිටියේ එයා තමයි අර හීන වල මට කුකී කියලා කතා කරේ..."

ජන්ග්කුක් කියද්දී හැමෝම පුදුම වුණා...

"ඔයාට විශ්වාස ද ඒ එයාමයි කියලා..." තේයුන් ඇහුනේ සමහරවිට ජන්ග්කුක් ට වැරදීමක් වුනත් වෙන්න පුළුවන් නිසා...

"ඔව්..."

මිස්ටර් කන්ග් එක්ක නම්ජූන් හිටියේ ජින් ගේ කාමරය අසල. ජන්ග්කුක් එක්ක අනික් අය ආයතන විවේකාගාරයට ගියේ මේ වෙලාවේ ජන්ග්කුක් ට යම් නිදහසක් ඕන වුණ නිසා...

ඒ අය මේ ජන්ග්කුක් ගේ තත්වය ගැන නම්ජූන්ටවත් මිස්ටර් කන්ග්ටවත් කියන්න ගියේ නැත්තේ ජින් ගේ තත්වය නිසා...

විවේකාගාරයට ගියපු ජන්ග්කුක් ඇතුළු පිරිස ජන්ග්කුක් ට අවශ්‍ය පරිදි විවේක ගැනීමෙන් පස්සේ ආපහු කතාවට වැටුණා...

"එතකොට ජන්ග්කුක් කැප්ටන් කිම් ව ඔයා හැමදාම වගේ හීනෙන් දැක්කා.." තමන්ගේ පාන් පෙත්තෙන් කෑල්ලක් කඩා ගන්න ගමන් කායි ඇහුවා...

|| CAPTAIN KIM || ✓Où les histoires vivent. Découvrez maintenant