Chapter IX

90 28 0
                                    


"මේ අංකල්. මං කොහොමද ඔයාගේ  තාත්තා වෙන්නේ. ඇත්තටම ඔයාට පිස්සු ද "

"තාත්තේ ඒත්_"

"ඩෑඩ් ඔයා මොකටද මෙයාට තාත්තා කියන්නේ. අනික මෙයා නම් මට ඒ කෙනා විදියට පේන්නේ නෑ " නම්ජූන් කියද්දී ටේහියුන් කිව්වේ බලන් ඉන්න බැරි ම තැන..

"මං කිම් සියොක්ජින් කොල්ලෝ..හේයි ඔයත් මගේ වයසේ වගේ. මං තාම යුනි යනවා.. SNU එකට තමා යන්නේ. බලන්න මේ අංකල් මාව මෙතන හිර කරන් ඉන්නවා. යන්න දෙන්නේ නෑ"

කට්ටියමගෙම ඇස් උඩ ගියා...

"සර් පේශන්ට්ගේ අවුරුදු කීපයක මතකයට මේකෙන් බලපෑමක් වෙලා තියෙනවා.ඒකයි මේ... මෙයාට තව ටික කාලයක් ඕන ඒ දේවල් ආපහු මතකයට ගන්න..." එතන හිටපු වෛද්‍යවරයා නම්ජූන්ට කිව්වා...

"අංකල් මගේ පවුලේ කෙනෙක් ද..අනේ මාව ගෙදර එක්කරගෙන යන්නකෝ.." ජින් නම්ජූන්ට බැගෑපත් වුනා..

"හරි පුතා මං ඔයාව එක්කගෙන යන්නම්..ඒත් ඔයා මුලින් ම සනීප වෙන්නකෝ.." තත්වය තේරුම් ගත්ත නම්ජූන් ජින්ට කිව්වේ එයාව මේ දේවල් වලින් අවුල් කරන්න ඕන නැති නිසා...

"මට ලෙඩක් නෑ අංකල්..." ජින් ආපහු කිව්වා.

"පුතා ඔයාට ටික දවසක් ඉන්න වෙනවා. අංකල් එන්නම් හැමදාම ඔයාව බලන්න. මේ තව යාලුවෝ කට්ටියකුත් මං ඔයාට එක්කරගෙන ආවා..." නම්ජූන් කිව්වේ එයාගේ දරුවෝ දිහා බලන් ගමන්...

"පුතා මේ ගැන අපි ඔයාලට පස්සේ කියන්නම්. දැන් තාත්තාට ඔයාලගේ උදව් ඕන." මිස්ටර් කන්ග් ටේහියුන්ලට කිව්වා...

ටේහියුන් වගේම අනික් අයත් හෙමීට ජින් ගාවට ගියා...

"හේයි ඔයා මේ අංකල්ගේ පුතා ද" ජින් කෙලින්ම ඇහුවා...

"ඔව් මං කිම් ටේහියුං..." ටේහියුං හිනාවෙලා කිව්වා...

"ඔයත් කිම් කෙනෙක් ද මාත් කිම් කෙනෙක්." ජින් හිනාවෙලා කිව්වා...

"එතකොට ඔයාලා" ජින් ඇහුවේ අනික් අයව පෙන්නන ගමන්..

එයාලත් ජින්ට එයාලව හඳුන්වලා දුන්නා...

ටික වෙලාවක් යනකොට ජින් හැමෝම එක්ක යාලු වුණා.. ජින් ගේ මතකය ගැන තියන ප්‍රශ්නය නිසා එයාගෙන් ඇත්ත දැනට හංගන්න එයාලා තීරණය කරා.නම්ජූන් තමයි ජිවිතේ භාරකාරයා..
.
.
.
.
.
.

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now