Chapter XV

83 24 0
                                    

"First I wanna meet CAPTAIN KIM.."

තරුණිය පැවසුවා...

~~~~~~~~~~~~~

" කැප්ටන් "

" හ්ම්...." ජනේලයෙන් පිටත පෙනෙන සෝල් නගරය දිහා බලන් ඉන්න තරුණයා සිහින් හඬින් මිමිණුවා...

" කැප්ටන් අපි දැන් යන්න ඕන...." කැප්ටන් කිම් ට කතා කරපු තරුණ සේවකයා නැවත වරක් කිව්වා...

ඔහුට සිහින් සිනාවකින් සංග්‍රහ කරපු කැප්ටන් කිම් කාමරයෙන් පිටතට ආවේ ලොකු සුසුමක් හෙලමින්...

ඔහු ආපහු හැරිලා බැලුවේ කාමරයේ මැද බිත්තියේ එල්ලලා තිබුණු පින්තූරය දිහා....
ඇස් අඟ රැඳිලා තිබුණ කදුළු පිහදාපු ඔහු කාමරයෙන් පිටවී ගියා...

කිම් සෝයූන්....

ඒ විදියට පිංතූරය යටින් සඳහන් වෙලා තිබුනා...

කිම් සෝයූන්, කිම් සියොන් ජින් ගේ ආදරණීය බිරිඳ. අද කැප්ටන් ආවේ ඔහුගේ බිරිඳ ළඟ මොහොතක් රැඳිලා ඉන්න. මීට වසර කිහිපයකට කලින් ඇය මියගියේ වසර හැත්තෑ තුනක ඇගේ ජීවිතයේ අවසන් කරමින්...

කැප්ටන් කිම් ඒ ගැනත් පසුතැවුනා.. තමන්ගේ බිරිඳට තමන්ගෙන් අවශ්‍ය ආදරය, රැකවරණය ලබා දෙන්න බැරි වුණ නිසා...

කැප්ටන් කිම් තවම තරුණයෙක්. ඔහුගේ ජීවිතයට තවත් කෙනෙක්ට අවස්ථාවක් දෙන්න පුළුවන් වුනත් ඔහුගේ හදවත නතර වුණේ කිම් සෝයූන් ළඟ විතරයි....

කැප්ටන් කිම් ගැන මිනිස්සු දන්නේ නැති නිසා එයා මේ දවස්වල ගොඩක් සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වුණා.....

~~~~~~~~~~~~~~~~~~~~

" කැප්ටන් පොඩි ප්‍රශ්නයක්...."

කැප්ටන් කිම් ළඟට දුවගෙන ආපු මිස්ටර් කන්ග් කලබලයෙන් කිව්වා...
සිද්ධිය පැහැදිලි කරපු මිස්ටර් කන්ග් කැප්ටන් කිම් සමඟ ඔවුන් රැඳිලා හිටපු කාමරයට ගියා.

" කැප්ටන් කිම් " තරුණිය පැවසුවා...

" ඔයා මාව දන්නවා වුනත් මං ඔයා කවුද කියලා දන්නේ නැහැ.." කැප්ටන් කිම් පෙරලා උත්තර දුන්නා...

"Hello captain Kim, I' Aela" තරුණිය ඇයව හදුන්වා දුන්නා.

"Aela මොකක් ද මේ වෙන්නේ අපිට මේ ගැන පැහැදිලි කරන්න..."

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now