Chapter VIII

89 28 0
                                    


"තා_ත්තා___" ඔහුගේ මුවින් එසේ පිට විය....

~~~~~~~~~~~~~~

"ඩෑඩ්!!!!! ඔයාට මේ මොකද වුණේ..." ටේහියුන් නම්ජූන් ගාවට දුවගෙන ගියා...

"අනේ මොකද මේ....ඇයි" ටේහියුන් කලබල වෙලා.. නම්ජූන්ගේ කම්මුලට ගහන ගමන් ඔහු කෑ ගැහුවා...

"පුතා ඉන්න අපි ඔයාගේ තාත්තව ඉක්මනට අරන් යන්නම්" එතනට ආපු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයෙක් කියද්දී ටේහියුන් ඔහුට ඉඩ දුන්නා....

ඔව් KARI ආයතනය තමන්ගේ සේවකයන් ගේ සෞඛ්‍ය ගැන පවා සිතුවා. ඒ නිසාම ඒ ආයතනය තුළ වෙනම රෝහල් සංකීර්ණයක් රජය විසින් නිර්මාණය කරා....

~~~~~~~~~~~~

"පුතා මං නම්ජූන් ගාවට ඉන්නම්...ඔයා දැන් ලැබ් එකට යන්න.." මිස්ටර් කන්ග් ටේහියුන්ට කිව්වා....

"ඒත් අංකල් ඩෑඩ්ට මොකද වුණේ..ඇයි එයා එහෙම_"

"පුතා ඒක එච්චර දෙයක් නෙවෙයි..මටත් හිතාගන්න බැරි මොකක්ද ඒ වුණේ කියලා..අපි බලමුකෝ..තාත්තට මුකුත් වෙන්නේ නෑ..එයාට සිහිය ආවම මං කතා කරන්නම්...හරිද" මිස්ටර් කන්ග් ටේහියුන්ගේ ඔළුව අතගාලා කිව්වේ මේ වෙලාවේ එයා ඉන්නේ කළබල වෙලා කියලා දන්න නිසා...

"හරි අංකල්.. එහෙනම් එයාට සිහිය ආවම මට කතා කරන්න..."

ටේහියුන් යාළුවොත් එක්ක යන දිහා මොහොතක් බලාගෙන හිටපු මිස්ටර් කන්ග් නම්ජූන් ගේ කාමරයට ගියා...

~~~~~~~~~~~~~~~

" ටේයා අංකල් ට සනීප වෙයි. ඩොක්ටර් කිව්වේ කලබල වෙන්න එපා කියලා.." ජිමින් ටේහියුන්ට කිව්වා...

"එන්න අපි යමු කැප්ටන් කිම් ව බලන්න.. මොනවා නැතත් එයා මාර හැන්ඩ්සම්..." සූබින් කිව්වේ කට්ටියම හිනා ගස්සන්න හිතාගෙන...

"හැබැයි මං තරම් නෑ..." කායි එයාගේ කොන්ඩෙත් අවුස්සන ගමන් කිව්වා...

ඒකට නම් ටේහියුන්ටත් හිනා ගියා....

කට්ටියම ආවේ කලින් එයාලා හිටපු තැනට. ඒත් පහළ විද්‍යාගාරය ඇතුලේ නම් කව්රුවත් හිටියේ නෑ...

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now