Chapter VI

92 30 1
                                    


"Boys I'm really proud of you"

~~~~~~~~~~~~

"මිස්ටර් කන්ග් මං හිතන්නේ ඔයාම මේ ගැන තීරණයක් ගන්න" මැදි වයසේ පසුවන ඔහු තමන් අසලින් වාඩි වී සිටින කන්ග් මහතා දෙසට හැරී කිව්වා...

"සර් මං මේ ළමයි ගැන මීඩියා වලට නොකියා ඉන්නම්. මොකද ඒක ඒ ළමයින්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්" කන්ග් කිව්වේ බැරෑරුම් ස්වරයෙන්...

"ඔව් මිස්ටර් කන්ග්. ඒක හොඳයි.

ඒ වගේම මට කියන්න ඕන දෙයක් තියනවා ඔයාලා හැමෝටම. මේ ආයතනයේ ප්‍රධානියා විදියට මං තීරණය කරා අපේ ඉස්සරහ තියන මේ වගේ පරීක්ෂණ වලට විශ්ව විද්‍යාල සිසුන්ට ඇතුලත් වෙන්න අවස්ථාවක් දෙන්න."

"ඔව් සර් ඒක නම් හොඳ අදහසක්.. " එතන හිටපු තවත් සේවකයක් ඒ දේ අනුමත කරද්දී අනික් හැමෝම ඔවුන් වැනුවේ ඒක අනුමත කරන්න...

~~~~~~~~~~~~~~~~

"මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මීට වසර පනහකට පෙර දියත් වූ Hwa-seong -1 මෙහෙයුමට අයත් ද්‍රව්‍ය අතරින්  ගගනගාමී නිල ඇඳුමක් සොයා ගැනීමට KARI ආයතනය සමත් වී තිබේ.

මෙය කොරියානු ඉතිහාසයේ එක් සුවිශේෂී සොයා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්.වසර 50 කට පෙර දියත් මෙම මෙහෙයුම පිලිබඳ කළ සමීක්ෂණයකින් මේ පිලිබඳව සොයාගැනීමට හැකි වී තිබෙනවා.

කොරියානු ඉතිහාසයේ මිනිසුන් රැගෙන ග්‍රහලොවකට ගිය මුල් ම මෙහෙයුම මෙය වූ අතර මෙහෙයුම අසාර්ථක වීම නිසා මෙම මෙහෙයුම පිලිබඳ එතරම් උනන්දුවක් මිනිසුන් තුළ නොතිබුණද නැවත ඒ පිළිබඳ ව උනන්දුවක් ජනතාව අතර ඇති කිරීමට මෙමඟින් හැකි වෙතැයි KARI ආයතනය නියෝජිතයෙක් අප සමඟ පවසා සිටියා.

ඒ වගේම මෙම මෙහෙයුමට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහභාගී වී ඇති බවටද අපට වෙත ඒ මහතා දැනුම් දුන්නා..

මේ පිළිබඳව නවතම තොරතුරු සමඟින් ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන්

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now