Chapter XII

88 26 0
                                    


"He is a one of HERO on Korean space history"

කැප්ටන් කිම් ගේ හෙළිදරව්වත් එක්ක හැමෝම දැන ගත්තා කැප්ටන් කිම් තමන්ගේ යානය අත් ඇරලා ගියේ නැති වග....ඒ වගේම එදා ඇත්තටම මොකක්ද වුණේ කියන එක.

ඒත් යානය පිපුරුවයින් පස්සේ මොකක් ද සිද්ධ වුණේ...

කොහොම ද කැප්ටන් කිම් විතරක් බේරුනේ...

කවුද එදා යානයේ පාලක මැදිරිය හැක් කරේ...

මේ ප්‍රශ්න ටික ඉතුරු වුනා. KARI ආයතනයේ ප්‍රධානියා රහසේම මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරා...

රටේ පාලකයගේ තීරණය වුණේ මේ ගැන හොයන්න රහස් පොලීසිය පැවරිය යුතු බවයි...

ඒ අනුව කොරියානු NIS ආයතනයේ විශේෂ නිලධාරීන් පිරිසක් මේ ගැන හොයන්න ඔහු පත් කරා...වසර පනහකට පෙර සිදු වූ මෙම සිද්ධිය KARI ආයතනය වසන් කිරීම නිසා සමහර සාක්ෂි ඒ සමඟ යටපත් වෙලා තිබුණා...

ඒ නිසා එයාලට මේ ගැන හොයන්න මහන්සි වෙන්න වුනා...

ඔවුන් මේ ගැන හොයන්න පෙළඹුනේ මෙම මෙහෙයුම අසාර්ථක වුනේ කැප්ටන් කිම් ගේ හෝ ඒ කණ්ඩායම නිසා නෙවෙයි කියලා ඔප්පු වුනොත් කැප්ටන් කිම් ගැන ලෝකයට හෙළි කරන්න පුළුවන් නිසා...

~~~~~~~~~~~~~~~~

"Sir I'm Chan wubin from NIS" කාර්යාලයට ඇතුළු වුණ තරුණයා හිස නමා ආචාර කරමින් තමන් ව හඳුන්වා දුන්නා....

" ආහ් වූබින්..." KARI ආයතන ප්‍රධානියා ඔහුට කතා කරා...

"වූ බින් මේ ගැන දන්නවා කියලා මං හිතනවා" ප්‍රධානියා ඇහුවා...

"ඔව් සර් මං ඒ ගැන දැනුවත්. ඒ වගේම මේ ගැන හොයන්න ලැබීමත් මං ලබපු වාසනාවක්..." රහස් නියෝජිත වූ බින් කිව්වා..

"අනිවාර්යයෙන්ම.. අපි ඔයාගෙන් හොඳ සේවයක් බලාපොරොත්තු වෙනවා."

"මම ඒ ගැන වගකීම භාර ගන්නම් සර්.." වූ බින් කිව්වා...

චන් වූ බින්, NIS ආයතනයේ සේවයේ නියුතු තරුණ රහස් නියෝජිතයෙක්. ඔහුගේ දක්ෂතාවය නිසා ම රජයේ රහස් මෙහෙයුම් වලට ගොඩක් වෙලාවට වූ බින්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා...

|| CAPTAIN KIM || ✓Where stories live. Discover now