3.) කොටස 🌸

607 88 18
                                    


හැප්පුනා නේද....

මොන සිහියෙන්ද අයිසෙ යන්නේ... ඇස් කනේ තියන්ද යන්නේ.........

මන් බැලුවේ කව්ද මගෙ ඇගේ හැප්පුන එකා කියල...හැප්පුන පාර මන් පිටිපස්සට විසික් වෙලා වැටෙන්න ගියා... ඒත් මාව කව්හරි අල්ලගත්තා....මගෙ අතෙන් ඇදල අල්ලගත්තා.... ඇත්තටම මන් හිටියේ අදීල් දිහා බලන් හින්ද මන් දැක්කෙ නෑ මාව හැප්පෙනකන්ම...අදීල් දීහ බලන් හිටිය කියන්නේ ඇත්තටම ඒ කොල්ල නම් මාර නීට්, මාර හැන්ඩ්සම් , ඇදුම උනත් මාර ලස්සනයි ... ඒ එක්ක බලද්දි මන් නිකන් හිපාටුවෙක් වගේ... ඔහේ සෙරෙප්පු කෑලි දෙකක් දාන් හිටපු මන් , අදීල්වයි මාවයි සංසංදනේ කරන ගමන් හිටියේ....එතකොට මගෙ හැප්පුනේ මොකාද කියල මන් දක්කෙ නෑ..... කොහොම හරි මන් නොවැටී බේරිලා, මාව අල්ලගත්ත එක්කෙනාට තෑන්ක්ස් කියන්න හැරුනා...

තෑන්කිව් ම්මේ...

මන් හේමාල්.. ඔයා තැන්කිව් කියන්න ඕන්නෑ, මන් අතින් ඔයාව හැප්පුනේ, අනේ මන් දැක්කෙ නෑ මල්ලි.. සොරි හොදද....

ආ..... ඒකට කමක් නෑ... හේමාල් අයියේ....

මොකද මෙතන උනේ දේව් මල්ලි... ඔයාට මොකක් හරි ප්‍රෂ්නයක්ද..

ආ..... මේ....ඔලින් අයියනේ... නෑ නෑ අයියේ... ඒක හරි...

හේමාල් ඔයා....

ගුඩ්මෝනින් ඔලීන්... මන් ඒත් බැලුවා කව්ද මේ කියල... කොහොමද සනීපෙන් ඉන්නවද කට්ටිය..... ආ අර ඉන්නේ කියද්දිම...

කව්ද මේ... ඔය මල්ලි... රුසිරු නේ... මේ දේව් මල්ලි එක්ක ඔය කට්ටිය යන්න ඇතුලට...

හරි ඔලීන් අයියෙ....

දේව්...

ඇයි හේමාල් අයියේ...

න්..නෑ නෑ...... යන්න යන්න...

හේමාල් අයිය මට සොරි කියද්දිම එතන්ට ආවෙ ඔලීන් අයියා... ඔලීන් අයියා තාම මගෙ අතෙන් අල්ලන් හිටපු
හේමල් අයියගෙන් මගෙ අත ඇදල අරන් මාව යසිරුව ලගට යවලා මාවත් එක්කන් යන්න කිව්වා... හේමාල් අයිය මට මොකක් හරි කියන්න ගියත් එයා කිව්වෙ නෑ.... ඒ මොකක්ද උනේ කියල මන් කල්පනා කර කර එතනින් එන්න එද්දි, මන් දැක්කා අදීල් අයියත් පැත්තකට වෙලා බලන් ඉන්නවා... අපි දිහා බලන් ඉදල, පස්සෙ එයත් අර කට්ටිය ලගට ලන් උනා...
එයාල අදුරන අය වෙන්න ඇති....
ඒත් මට නිකන් මොකක්ද වගේ... ඔලීන් අයියා කලබලෙන් වගේ හිටියේ... එතකොට අර හේමාල් අයියා කතා කරපු විදිය මට එච්චර ඇල්ලුවෙ නෑ... එයාල තරහකාරයො වත්ද...
ඕනෙ මගුලක් මට මොකෝ.... මටත් පිස්සු කොහෙවත් යන කුන්ඩවාල ගැන හිතන්නේ.... ඒත් අදීල් අයියාගෙ මූනත් නිකන් රතු වෙලා වගේ තිබ්බේ, තරහ පිරුනු මූනක්... කොහොමත් ඉතින් ඒ යකා නම් තද වෙච්ච ගමන්මනේ ඉන්නේ... ම්ම්...ම්ම්....බලමුකෝ....

චෙරි මල් 🌸 ( Complete ✔ )Donde viven las historias. Descúbrelo ahora