33.) කොටස 🌸

298 48 7
                                    

නවත්තපන් යකෝ...........!! ම්..මන් කැමති වෙන්නම්..... දැ..දැන්ම උන්ට එතනින් යන්න කියන්න..... දැ..දැන්ම.....

මට වෙන කරගන්න දෙයක් නැති උනා.. අවසානෙදි සීය දිනුවා... මට මගෙ කොල්ලව බේරගන්න උන්ගෙ පදේට නටන්න කැමති වෙන්න සිද්ද උනා... මගෙ දුර්වල තැන ුබයි මගෙ වස්තුව... මෙච්චර කල් නිශ්ශබ්දව උන්නු සීයා මගෙ දුර්වල තැනටම පහර දුන්නා...

මට සීයා පෙන්නුවෙ ඒ වෙලාවෙ ඔයාගෙ බෝඩිම ලග වීඩීයෝ එකක්.. දැන් එවාපු එකක්... ඒ කියන්නේ සීයගෙ උන් ඔයා ගැන ඈ ගහන් ඉන්නේ කියන එක... ඉතින් උබගෙ ජීවීතේ තියෙන්නේ මගෙ අතේ බව දැන දැන මට තවත් මුන්ට විරුද්ද වෙන්න බැරි උනා මගෙ පන... මට බැරි උනා....

එද ටානිව එක්කන් එන්න එයාපෝර්ට් යන්න උනා... ආයෙ මන් යන යන තැන ඒකිව එක්කන් යන්න සිද්ද උනා... ඒත් මට ඔයාව නොදැක ඉන්න බැරිම හින්ද මන් එදා බෝඩිමට කොහොම හරි හොරෙන් ආවත් එදා ඔයා හිටියෙ සිහි නැති වෙලා වැටිලා..

යසිරු කිව්වා ඔයා දවසම කාල නෑ කියල.. කල්පනා කරන එකමයි වැඩේ කියල... මන් දන්නව ඔය මන් ගැන කලොඅනා කරන්න ඇත්තේ කියල.... උබට සිහිය ආවා හරි ඉස්සෙල්ලාම ඇහුවේ ටානි කියන්නේ මගෙ කව්ද කියල...

ඉතින් වස්තුව මන් කොහොමද කියන්නේ ඒකි මන් බදින්න ඉන්න එකී කියල... මන් ඒකයි ඒ ප්‍රශ්නෙ මගෑරියේ... ඔයාව තවත් අව්ල් කරන්න බැරි හින්ද... මන් කොහොමත් මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හිත හිතා හිටියේ... ඒත් සේරම වෙනස් උනා...

දන්නවද එදා ඔයා අපේ ගෙදර ඇවිත් ගිය දවස... ඔයා ඒකි ඉස්සරහ ලැජ්ජා වෙන විදිය මට බලන් ඉන්න උනා... මොකද ඒ වෙද්දිත් සීය උඩ ඉදන් මේ සේරම බලන් හිටියෙ...

ඉතින් මට උබේ පැත්ත එදා ගන්න බැරි උන... සීයට පේන්න මන් ඔයාව අතෑරල දාල කියල මට රගපාන්න උනා... මට පුළුවන් වස්තුව උබව අරන් මුන් සේරගෙන්ම ඈතකට ගිහින් හැංගෙන්න... ඒත් ඒක හිතනවා වගේ ලේසි නෑ, අපේ සීය කියන්නේ තනිකරම උගුස්සෙක් වගේ මිනිහෙක්... හරියටම ඉලක්කෙටම ඒම් කරන්න හොද හැකියාවක් තියෙනවා වගේම, ඒ ඇස් හරි තියුනුයි....

ඒ වගේම උබට ඉන්නෙ අම්මයි, අප්පයි විතරයි ... ඒ මිනිස්සුන්ට කරදරයක් වෙන්නත් බෑ... මේ සේරම ගැන හැඩ්ල් කරන් ප්ලෑන් එකක් ගහන්න මන් ගොඩක් දේවල් හිතුවා... ඒකයි මන් ටික දවසක් ඔයාගෙන් ඈත් වෙලා උන්නේ....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now