14.) කොටස 🌸

420 65 9
                                    

මොනා ගැනද අදීල් අයියේ ඔයා කියන්නේ..?

මන් එහෙම අහනවා එක්කම අම්මලා එලියට ආවා.. ඒ ඇස් වලත් කදුලු පිරිල.. ඇයි මේ.. ඩොක්ටර් මොනවද කියන්න ඇත්තේ...

අම්මේ...

සුදුපුතා, අපි යමු..

අම්මේ, ඩොක්ටර් මොනාද අම්මෙ කිව්වෙ.. මට ඉක්මනට හොද වෙයි නේද?

මගෙ පුතාට ඉක්මනට හොද වෙනවා.. අදීල් පුතා ඔයා කිව්ව එක ගැන අපි කතා කලා... අප්පච්චි මායි තීරනේ කලේ , අපෙ පුතාව එක්කන් යන්නනේ..  ඒත් ඩොක්ටර් කිව්ව ඒව එක්ක අපිට තේරුනා එයාව එක්කන් ගිහින් බැහැ කියල.. ඒත් අදීල් පුතා එහෙමයි කියල අපි කොහොමද ඔයාට කරදර කරන්නේ, ඔය කිව්ව වගේ අපෙ දරුවව ඔයාට බාර දෙන්නේ කොහොමද ?

ආන්ටි, මන් කිව්වනෙ ඒ ගැන බය වෙන්න එපා.. ධීවාන් කියන්නේ මට වටින කෙනෙක්, ගොඩාක් වටින කෙනෙක්.. මට එයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ... ඒ හින්ද ඔයාල එ ගැන වද වෙන්න එපා...

එලියට ආපු අම්මා ,අදීල් අයිය එක්ක කතා කරන්නෙ මොනාද කියල මට තේරුන්නෑ...

ඔයාල මොනාද මේ කතා කරන්නෙ අම්මේ..?

සුදුපුතා, අදීල් පුතා කියනවා එයාට පුළුවන් ලු ඔයාව බලාගන්න කියල..අපිට උනත් මෙහෙ හැමදාම ඉන්න බෑනෙ පුතේ.. අප්පච්චි වැඩට යන්නඕනෙ, මාත් කීයක් හරි හමබකරන්න ඕනෙ.. පුතාගෙ බෙහෙත් වලට වියදමුත් අපි බලන්න එපැයි.. එතකොට මෙහෙ ඉන්න බෑනෙ, පුතාව අරන් යන්නත් බෑ, මෙහෙ බෙහෙත් හරියට කරන්න ඕනෙනේ... ඉතින් අදීල් පුතා කියනව්, එයාට පුළුවන් ලු කියල ඔයාව බලගන්න.. ඒත් එහෙම ඒ දරුවට කරදර කරන්නෙ කොහොමද පුතා...

අදීල් අයියේ, ඔයා එහෙම කිව්වද...ඔයා කොහොමද මාව බලාගන්නේ , ඈ අදීල් අයියේ, ඔයාගෙ ගෙදර අය කොහොම ත් කැමති වෙන්නෑ.. ඔයත් ඉගෙන ගන්න කෙනෙක් නේ, ඔයා කොහොමද අබ්බගා ..
ආඅ.....ව්ව්.... අම්මේ බලන්නකෝ....

මොකක්ද ධීවාන් තමුන් ඒ කියන්න ගියේ... ම්ම්ම්... ආයෙ පාරක් කියනවා බලන්න.. අම්මල ඉන්නවා කියල බලන්නෑ, ඇත්තටම කඩනවා මන් කට දැනගනිම්... ම්න් කිව්වනේ ඒ සේරම මන් බලාගන්නම්.. ඔයාට තියෙන්නේ මාත් එක්ක ඉන්න කැමතීද , අකමැතිද කියන එක තීර්නේ කරන්න විතරයි හරිද... අම්මේ, ම්ට සමාවෙන්න, ඒත් මේ මෝඩයගෙ කට පරිස්සම් කරන් ඉන්න කියන්න, ආයෙ ඔය ර්වගේ ගොන් කතාවක් කිව්වොත් බලාගමු....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now