26.) කොටස 🌸

333 39 6
                                    

හරි ....

............

මන් උදේම පිටත් වෙන්නම්...

...........

එයාට රෑ හදිස්සියේම කෝල් එකක් ආවා... උදේම පිටත් වෙන්නම් කියල එයා කෝල් එක කට් කලා...

කව්ද අභි..

ගෙදර වැඩට ඉන්න නැන්ද...

ඇයි මොකද හදිස්සියක්ද...

ම්ම්... අම්මට උන හැදිලා.. එයාව හොස්පිටල් ඇඩ්මිට් කරල... මට හෙට උදේම යන්න වෙනවා ධීවාන්..

අනේ නැන්දට මොකද.. ගොඩක් අමාරුද අභි....

එහෙමම නෑ.. දැන් නම් අඩුයිලු... හෙට උදේට ටිකට් කපයිලු... ඒත් මන් උදේම යන්නම් ධීවාන්...

හරි ... අම්මට ඉක්මනටම හොද වෙයි... ඇයි එකපාර අසනීප උනේ දන්නෑ...

එයාට පොඩ්ඩ ඇත්තන් එහෙම තමා... අයිය බලන්නෙත් නෑනෙ... ඒ හින්ද මට මේ වෙලාවෙ එයා ලග ඉන්න වෙනවා...ඒත් ඔයා...

ඒක ගැන හිතන්න එපා, අම්මලා ඉන්නවනේ... යසිරුලත් ඉන්නවානෙ... ඔයා යන්න...  උදේම යන්න...

ම්ම්... දැන් නිදාගන්න එහෙනම් ...

වෙද ගෙදර ඉදන් ඊයෙ ආවට පස්සෙ අද දවස අපි ගෙදරමයි හිටියේ... මොකද යසියලා කැරම් ගහමු කියල සෙට් වෙලා දවසම ඒක කලා... කොහොමින් කොහොම හරි අද දවසත් ගෙවිලා ගිය... හෙට උදේම එයා යනවලූ... ඔව් ඉතින්, එයාට හැමදාම මන් ලගට වෙලා ඉන්න බෑනෙ...

.

.

🌄🌄🌄

සුදුපුතා නැගිටින්න....

ම්හ්... අම්මේ ...

කෝ නැගිටල මේක බොන්නකෝ...

අදීල් අයිය කෝ අම්මේ...

මන් නැගිටිද්දි එයා මන් ලග නොවෙද්දිමන් අම්මගෙන් ඇහුවෙ නොරිස්සමින් ...

ඒ දරුවා පාන්දරම පිටත් උනා... අම්මට අසනීපයි කිව්වෙ... පුතාට හොදටම නින්ද ගිහින් හින්ද කතා කලේ නෑ....

නොකියම ගිහින්... මහ හොද නෑ... අනේ මන්දා එයාගියා කිව්වා හරි මගෙ හිතට මහ මූසල පාලු හැගීමක් නිකන්ම දැනෙන්න ගත්තා....

.

.
.
🌄🌄🌄

දේව.......

වරෙන් බන්... මන් කාමරේ....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now