8.) කොටස 🌸

508 66 8
                                    

"කව්ද ඔයා.."

"කව්රු කියලද හිතන්නෙ...ම්ම්.."

"අදීල් අයියා නේ"

"කොහොමද අදුර ගත්තේ.."

" ම්ම්... ගාන්නේ ඉතින් ඔයානේ.."

" ම්ම්... හෙට කීයටද ලෙක්චර්"

" අට හමාරට.. "

"ම්ම්.. නිදාගන්න එහෙනම්. ගුඩ් නයිට්.. බුදුසරණයි.."

"ගුඩ් නයිට් , බුදුසරණයි .."

මගෙ නම්බරේ කොහෙන් හොයා ගත්තද දන්නෑ... ආ, අපේ ගෲපෙන් වෙන්න ඇති... නිදාගන්න කිව්වට කොහොමත් දැන් නින්ද යන්නෑ අප්පා.. පාඩම් ටිකක් වත්කරනවා..

මොන මගුලක්ද, පොත ගත්තත් මට
හිතෙන්නෙම එයා ගැනනේ... ඇයි මේ... මදැයි පාඩම් කරන්න කියල ගත්ත.. මන් පොතඑහෙමම වහල, ෆෝන් එකත් අරන් ඇදට වැටුනා... වට්පෑඩ් එක පැත්තෙවත් යන්න කියල හිතන්...




අම්මෝ බන් උබලව දවස් දෙකකින් දකින්නේ... උබල හොදින් නේ...

ඔව් මේ ඉන්නේ හැන්ඩියෝ වගේ.. අපි තවත් ලස්සන වෙලා නේ...

ඔව් ඔව් හරී.....ම ලස්සනයි .. අනේ යමු බන් විකාර නොකියා...

යමු ඉතින් කව්ද උබව අල්ලන් හිටියේ...

තොට මන්....

උදේ ලෙක්චර් හින්ද අපි හතහමාරමවෙද්දි අපි අරුන්ගේ බෝඩිම ගාවට ආවා..ඊයෙ නින්ද ගියෙත් නෑ, මන් උදේ වෙනකන්ම කතාවක් කියව කියව ඉදල උදෙන්ම ලෑස්ති උනා... කොහොම හරි අරුන්ගෙ බෝඩිම ගාවට කලින්ම ආවා.... උන් දෙන්නත් අද එනවා කිව්වනේ... කොහොම හරි අදත් සුපුරුදු ලෙස මියූගෙයි , යසියගෙයි
රන්ඩුවකින්ම අපේ සංවාදෙ පටන් ගත්තා...

ඒ ඒක නෙමේ මියූ, උබෙන් මන් අහන්න හිටියෙ...

මොකක්ද දේවා...

එදා උබ කිය කියා හිටියේ අර අදීල් අයියා ගැන...

ආ... ඔව් ඇත්තටම උබල අදීල් ගැන දන්නැද්ද බන්...

මියූ එහෙම අහද්දි මන් යසියගෙයි, රුසියගෙයි මූනු දිහා බැලුව.. උබල දන්නවා ද කියල අහන්න වගෙ... උනුත් නෑ කියන්න වගේ උරහිස් ඇකිලුවා...

ඇත්තටම බන් උබල නම් මරු ඈ... උබල දැන් ඔය කියන්න යන්නේ උබල කොලඹ ප්‍රසිද්ද බෝයි බෑන්ඩ් එකේ ප්‍රසිද්දම කොල්ලව දන්නෑ කියලද ඈ... උබල මියුසික් නේද ගොන් හරකුනේ කරන්නේ...

චෙරි මල් 🌸 ( Complete ✔ )Waar verhalen tot leven komen. Ontdek het nu