10.) කොටස 🌸

468 59 6
                                    

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යව්වන යේ~~

මන් පලවෙනි පද දෙක කියද්දි අදීල් අයියා ඉතුරු පද කිව්වා...

සංසාරයේ සුභ ප්‍රාර්ථණා
ඉදුනිල් දෙනයන සටහන් වේ~~

ඒ අදීල් අයිය... ඇත්තටම මන් මේ පලවෙනි පාර එයා සිංදු කියනවා දකින... ලස්සනයි ..... වචනේ පරිසමාප්තියෙන්ම එයා දක්ශයි....

රළ පෙළ කැළබේ හසගන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේ දෝ~~

මන් ආයෙත් ඊලග පද කිව්වා.... හිතල නොකෙරුවට මන් එයා දිහා බලාගෙන හිටියේ...

ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදින ගනී දෝ~~

ඒ පද අදීල් අයියා කියද්දි අහම්බෙන් වගේ එයා මගෙ දිහා බැලුවා...අපි දෙන්නගෙම ඇස් එකම රේඛාවක... අනේ ඒ ඇස් වලින් එයා මට කතා කරනවා වගේ... අනේ මට පිස්සු හැදීගෙන එනවද දෙයියනෙ... ඒ ඇස් මොනවද කියනවා වගේනේ....

සංසාරයේ සුභ ප්‍රාර්ථණා
ඉදුනිල් දෙනයන සටහන් වේ~~

කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවා දෝ~~

චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ~~

සංසාරයේ සුභ ප්‍රාර්ථණා
ඉදුනිල් දෙනයන සටහන් වේ~~

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යව්වන යේ.........//

අවසානම පද අපි දෙන්නම එකට කිව්වා...මගෙ ඇස් මගෑරල ඉස්සරහ බලපු අදීල් අයියා අවසානම පද මාත් එක්කම ආයෙ එකටම කිව්වා... අවසානෙදි ආයෙම එයා මගෙ දිහා බැලුවා... ඒ වගේම මාත්....

වාව්........///

යෝ.......බ්‍රෝ..........

එල මචන්ලා......

අදීල්....ධීවාන්...... ඇත්තටම මරු බන්...

හැමෝම අපිට චියර් කරනවා... තාමත් අපි දෙන්න අපි දෙන්න දිහාම බලන්... අනේ මොකක්ද දෙයියනේ මට දැනෙන මේ හැගීම... මගෙ හදවත ඇයි මෙච්චර හයියෙන් ගැහෙන්නේ... ඇයි මේ....

ධීවාන් ....

ම්න්...

ලස්සනට කිව්වා...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now