19.) කොටස 🌸

338 50 6
                                    

මේ අභී... එතකොට ඒ කතාවෙයි, හේමාල් අයියගෙ කතාවෙයි සම්බන්දෙ මොකක්ද ඈ....  අඩෙ... අඩේ.... ඒයි අභී.....
ඒක එහෙම නම් කියන්න එපා ඇ...
ඇත්තටම ඒක එහෙමද ඈ.... ඒයි......මන් හිතන දේ හරිද.. ඈ.... කියපියකෝ.....

ම්ම්...

ඒ කියන්නේ හේමාල් අයියද ඒ...

ම්ම්...

බස්සෙක් වගේ ම්ම් ගානැතුව කියන්නකෝ අප්පා... ඒ කියන්නේ හේමාල් ඔයාගේ ඥාති සහෝදරයද..?

ම්ම්...

ඈ ඒයි... ඕක කියන්නද යකෝ මෙච්චර වටයක් ගියේ... ඉස්සෙල්ලාම එයා මගේ ඥාති සහෝදරය කියල,ඔය වට කතාව කියන්න තිබ්බෙ නැද්ද.. ඈ.... අනේ... එහෙනම් මටත් සැනසීමයිනේ... ඔයාටත් ලේසි....

එතකොට කිසි රහක් නෑනෙ...

අනේ ඔයා නම් අර ඇමසන් වනාන්තරේ ඉන්න ගොන් ගල් ඉබ්බමයි   අදීල් අයියේ...

මොකෙක්...

මොකෙක් හරි... දැන් එතකොට ඒකද ඔය දෙන්නගෙ තරහව...

ම්ම්....

එතකොට දැන් ඔය බංගලාව අයිති කාටද හරියටම....

දන්නෑ.... කිරිඅත්තගෙ අවසන් කැමැත්ත අනුව ඒක අවශ්‍ය කාලෙදි අයිතිකාරයට ලැබෙයි කිව්වලු...

එතකොට අවසන් කැමැත්ත ඔයාල කවුරුත් දන්නැද්ද ...

නෑ... ඒක ලෝයර් ගාව...තාම කවුරුත් ඒ ගැන දන්නෑ... ඉක්මනට ඒකත් විසදෙයි...
මට නම් ඕව ඕන්නෑ...මට මේවගෙන් නිදහස් වෙලා මගෙ ගමන යන්න තිබ්බොත් ඇති....

හ්ම්... ඔයා ඒ බංගලාවට ගිහින් තියෙනවද.... කට්ටිය ඔච්චරටම මරාගන්න තරම් ,ඕක ඔච්චර වැදගත්ද...

මන් ගිහින් නෑ... ඒත් ඒක ගොඩක් වටිනවලු..පරම්පරාවෙන් එන දේවල් ගොඩක් තියෙන වලුනෙ... දැන් ඒක පාලුවට ගිහින් තියෙන්නේ... එක මුරකාරයෙකුයි,එයාගෙ පව්ලෙ අයයි ඉන්නවලු ඒක බලාගන්න...

ආ.... හ්ම් හ්ම්... අනේ මන්ද ඔය පරම්පරා කේස් නම් හෙන වදයක් නේද... අපිට නම් ඕව නෑනෙ...

ම්ම්....

මන් හිතන්නේ අදීල් අයිය අදද මන්දා වැඩියෙන්ම කතා කලේ... එයා කතා කියන්න නම් හරි දක්ශයි අප්පා... අහන් ඉන්න අපිට පිට ගැස්මට එනවා ඒව අහන් ඉදල...
ඔය පරම්පරා කේස් නම් හරිම වදයක්.... දැන් ඉතිනොය බන්ගලාව අයිති වෙන කෙනාට දෙයියන්ගෙම සරනයි.. ඇයි අනේ එතකොට ඉතින් කා කොටා ගැනිලි වැඩි වෙනවනෙ... සේරමත් හරි හේමාල් අයියයි ,අදීල් අයියගෙයි  තරහ මරහ ඉවර වෙන්නැති වෙයිද දන්නෑ.... ඊටත් හේමල් අයියගෙ තාත්තත් මේවට සම්බන්ධයි ලුනේ... අපෝ මේ පව්ල් ප්‍රශ්න නම් මහ වාත බෝට්ටු... වෙලාවට මට ඔය වගේ ප්‍රශ්න නැත්තේ... මේ හැමෝම ලොකු ලොකු පව්ල් අප්පා, අපි නම් ඉතින් සාමාන්‍ය අද වේල හම්බකරන් කන පව්ල්නේ... එහෙම ඉන්න එකත් හොදයි බලන් යද්දි...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now