31.) කොටස 🌸

289 46 9
                                    

ඒ අදීල් අයිය නේද..?

ඔව් නේද..

ධීවාන්....ඒත් එයා මොන..

එයා මොනා හිතුවත් මට කමක් නෑ අමායා... අපේ එහෙම සම්බන්දයක් තිබ්බෙ නෑනේ... එයාට දැන් කෙනෙක් ඉන්නවා... ඉතින් මේක ප්‍රෂ්නයක් නෙවෙ එයාට...

අමායත් අදීල් අයියව දැකල මගෙන් ප්‍රශ්නයක් නැද්ද අහනවා... මන් මොනා කියන්න ද... මට ඕනෙ දැන් අතාරින්න ...

හැමදෙයක්ම...

.
.
.

ධීවාන් මල්ලි ...

ඔලීන් අයියේ මොකෝ හදිස්සියෙන් වගේ...

මල්ලි... පුළුවන් නම් ඉක්මනට එන්නකෝ... අදීල්...එ..එයාට..

ඇයි ..... ඇයි අදීල්ට මොකද,,, කියන්න ...මොකද අදීල් අයියට......උනේ....

එයාගෙ අත හොදටම තුවාල වෙලා... කියන දෙයක් අහන්නෑ, පොඩ්ඩක් එන්නකෝ, ඔයාවත් ඇවිත් කියන්නකො මල්ලි....

පිස්සුද එයාට, යමුකො බලන්න...

මන් ගාවට ආපු ඔලීන් අයිය එක්කම මන් අදීල් අයියව් හම්බෙන්න ගියා... මන් යද්දිත් එයා අර රූම් එකට වෙලා අතින් බිත්තියට ගගහ ඉන්නවා... එයාගෙ ඔලුව බිත්තියට ගහගන්න යද්දිම මන් ගිහින් එතනින් අත තිබ්බා....

ආහ්......

ඔ..ඔය කොහෙන්ද ආවෙ... අ..අත..ඔයාගෙ අත, රිදුනද ධීවාන්... ම්.මට සමාවෙන්න ... කෝ....බලන්න...

නැහෑ, ඒකට කමක් නෑ...

මන් ආපස්සට එයා අල්ලන් හිටපු අත ඇදල ගත්තා..

අදීල් අයියේ, මොකද ඔයාට වෙලා තියෙන්නේ...මානසික ලෙඩක්ද.... පිස්සු ද තමුන්ට, නැත්තන් හැටිද... සේරටම කලින් කියන්නකෝ මෙහෙම හැසිරෙන්න හේතුව.....

න්..නිකන්...

ඇයි ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක වලියක්වත් දාගත්තද... ඒ ප්‍රශ්න එහෙ තියාගන්න, කැම්පස් ආව නම් අනිත් අයට වද නොදී ඉගෙන ගන්න..

ඔය ආවෙ මොකටද...

ඔලීන් අයිය මට එන්න කිව්ව , ඒකයි...

ම්ම්...එච්චරයි ද....

ඔව්... මන් දන්නෑ මෙච්චර තරහ යන්න ඔයාට මොකෝ උනේ කියල... ඒත් දේවල් දරාගන්න, ඉවසන්න පුරුදුවෙනවා... නැත්තන් බදින්න ඉන්න එක්කෙනාට එපා වෙයි තමුන්ව...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now