28.) කොටස 🌸

289 51 4
                                    

දේවා මොකෝ බන් උබ හොල්මනක් දැකල වගේ...?

තාමත් නැගිටල යන්න ගියපු අදීල් අයියල දිහ බලන් හිටපු මගෙ හොද සිහියෙ ආවේ අමාය මගෙ ඔලුවට ඇන්න පාර..

නෑ.. මේ ඒ අදීල් අයියා නේද...

ඔව්, ඇයි උබ පුදුමෙන් වගේ... උදෙත් එයා ආවනේ උබව බලන්න එන්න...

මොන උදේද...පිස්සුද රුසියා...

යකෝ මන් උදේ ඔලීන් අයියව හම්බෙන්න ගිය වෙලාවෙ අදීල් අයියත් ඇවිත් හිටියේ.. එවේලෙ තමා එයා ආවෙ ඔයාව බලල එන්නම් කියල, මන් හිතුවෙ හම්බෙන්න ඇති කියලනෙ...

නෑ බන්, එයා ආවෙ නෑ...සමහරවිට වෙන වැඩකටවත් යන්න ඇති...

සමහරවිට වෙන්න ඇති...

දේවා, අදීල් අයියා අප්ශට් එකකද ඉන්නෙ... මොකක් හරි ප්‍රශ්නයක, නැත්තන් උබල වලියක්වත් දාගත්තද..

පිස්සුද බන් මොන වලිද... එහෙම ප්‍රශ්නයක් කියලත් විශේෂයක් තිබ්බෙ නෑ බන්... අනේ මන්ද....

හ්ම් හ්ම්... බලමුකෝ...

රුසියා කිව්ව එක ඇත්ත , අඩුම අදීල් අයියා මාව බලන්න තියා, දැන්වත් මාත් එක්ක කතා කලේ නෑනෙ... එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද... නැත්තන් ඇයි මෙහෙම...

කාල ඉවර නම් යමු... ඊලග එකට පරක්කු වෙයි....

ම්ම්...

අපි කට්ටියම කාල ඉවර වෙලා ඊලග ලෙක්චර් එකට යන්න ආවා... මගක් යද්දි මන් දැක්කා ඈත තියාම අදීල් අයියා මියුසික් රූම් එක ගාව ඉන්නව... ඒත් එයා මාව දැක්කෙ නෑ නන් හිතන්නෙ... අඩුම මේ ප්පැත්ත බැලුවෙවත් නැත්තෙ ඒකනෙ... ඒ හින්දම මමත් ආයෙ කතා නොකර එතනින් යන්න ගිය....

හවස ලෙක්චර් එකත් ඉවර වෙලා සුපුරුදු පරිදුම අපි බෝඩිමට එන්න ආවා... ඒත් මන් යන්න කලින් අභීට කොල් එකක් ගත්තත් එයා ආන්සර් කලේ නෑ... ඒ හින්ද ආයෙ නොයිද, කලුවර වෙන නිසා මන් එන්න ආවා....

📱📱📱

කාල නිදාගන්න... බෙහෙත් අමතක නොකර බොන්න... මට  අද එන්න වෙන්නෙත් නෑ.... බුදුසරණයි .

එයාගෙන් හවස හයට විතර මැසේජ් එකක් ආවා... එච්චරයි .. මාත් ඒකට රිප්ලයි එකක් දාල රෑට කන්න මොනා හරි හදන්න කියල අපේ පොඩි කිචන් එකට ගියා....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now