ආයෙමත් ආදරෙන් 01

2.7K 212 41
                                    

"තමුන්ට මේ වගේ වෙලාවක වත් ඔය ගෑණිව අත ඇරලා පුතා ළඟට එන්න බැරිද මහේන්, ඔහොම තාත්ත කෙනෙක් පොල් පිත්තකින් කපා ගන්න පුළුවන්"

ඔලුවෙ පැත්තකින් කැක්කුමක් දැනෙද්දී යන්තමින් ඇස් ඇරිය ගමන් මුලින් දැක්කෙ සිවිලිමේ කැරකෙන ෆෑන් එකක්. ඒ එක්කම අම්මගෙ කටහඬ ඇහුනත් මට හැරෙන්න වත් ඔළුව උස්ස ගන්න වත් බැරි උනා. සැර බෙහෙත් ගදක් එක්ක ඔළුව කැක්කුම වැඩි වෙද්දි මං ආයෙත් ඇස් දෙක පියා ගත්තා. කවුරු හරි ළඟට ඇවිත් මගේ අතක් අරන් හෙමින් අත ගාන්න ගත්තා.ඒ කෙනා හූල්ල හූල්ල නහය උඩට අදිනවා.හිතන්න දෙයක් නෑ ඒ අම්ම, මාව තුවාල වෙච්ච දුක වගේම ජිවිතේ දුක සතුට බෙදා ගන්න පොරොන්දු දුන්න කෙනා මේ වගේ වෙලාවක ලඟ නැති දුකත් එයාට ඇති.සතුටින් හිනා වෙලා හිටිය අපේ ලස්සන කුරුළු කූඩුව ටික ටික කැඩෙන්න පටන් අරන්, ඒ අනියම් සම්බන්ධය කියන සුළි කුණාටුව අපේ පවුලටත් කඩා වැදුන නිසා......

"මිසිස් ගලප්පත්ති පුතාව හවස් වෙලා ගෙදර එක්ක යන්න පුළුවන්.ආයේ මැහුම් කපනකන් තුවාලේ තෙමන්නේ නැතුව පරිස්සම් කර ගන්න බෙහෙත් ටික වෙලාවට දෙන්න.දවස් දෙක තුනක් යනකම් මෙයාව ගෙදර තියා ගන්න පුළුවන් නම් හොදයි ස්කූල් එහෙම නොයවා"

"අනේ තෑන්ක් යූ ඩොක්ටර්, ඒ කියන්නේ තුවාලේ ගොඩක් දරුණු නෑ නේද, ඔළුව නිසාම බයයි ඩොක්ටර් "

"නෑ නෑ එහෙම බය වෙන්න දෙයක් නෑ...... කරපු ටෙස්ට් ටිකත් නෝර්මල්.ඉලන්දාරියා එහෙනම් ගෙදරට වෙලා ටිකක් රෙස්ට් කරන්න, ආයේ එහෙම ටෙනිස් බෝල ඔළුවෙ වද්ද ගන්න එපා "

ලස්සන ලේඩි ඩොක්ටර් හිනා වෙලා එහෙම කියාගෙන යන්න ගියා. නිකන් ඉන්න බැරි කමට ඉස්කෝලෙදි පිට්ටනිය අස්සේ රිංගන්න ගිහින් ටෙනිස් බෝලෙකින් පාරක් කාලා ඔළුව පලන් ඉස්පිරිතාලේ ඇදක දපනේ දාලා ඉද්දී කොහොමද සැප......

ගෙදර ඇවිත් කාමරේට ගිහින් නිදා ගත්තත් නිදහසක් නෑ, තාත්ත ගෙදර ආවට පස්සෙ අම්මයි දෙන්නත් එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. අම්මගෙ උනත් ඉවසීම නැත්තටම නැති වෙලා තියෙන්නේ. තාත්තට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ,එයා ඒ සම්බන්දේ නවත්තන්නේ නෑ.අපි සතුටින් ජීවත් වෙච්ච කාලේ ආයේ කවමදාවත් එන එකක් නෑ. මොකද අම්මගෙයි මගෙයි හිතේ ඇති වෙච්ච කැළල කවමදාවත් නැති වෙන එකක් නෑ, ආයෙත් ඉස්සර හිටපු තාත්තව බලාපොරොත්තු වෙලා මටයි අම්මටයි දෙන්නටම මහන්සි.

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Место, где живут истории. Откройте их для себя