🎶
බක් මී මල් පෙති ගං දෑලේ
නුඹ නැතිදා වැළපෙන තාලේ
රෑට ඇසේ හඳ ඇති කාලේ
කාට කියන්නද දුක මාගේ
🎶"ඔයා එදත් ඕක කිව්ව"
"ආ.... එදා කවද්ද"
"ඔයා එක පාරක් ගඟ ලඟදි ඕක කිව්ව නේද තූර්ය.මට මතකයි මං අහන් හිටිය"
"මං කලින් කිව්ව කියල මතක නෑනෙ තේව්, මං අදමද කොහෙද මේ සින්දුව කිව්වෙත් "
"අනේ ඒත් මට එහෙම එකක් මතකයිනෙ තූර්ය.සමහර විට වෙන සින්දුවක් එක්ක පැටලෙන්න ඇති"
අද මේ කිඹුල් ජෝඩුවම හරි වෙනස්, වලව්ව දැක්ක වෙලේ ඉඳන්ම.අනේ මන්දා මට නම් පොඩි බයකුත් දැනෙනවා. දෙන්නා කල්පනා කරනවා වැඩි. කොහොමින් කොහොම හරි වෙනදා තරම් ලොකු කතා බහක් නැතුවම අපි තුන් දෙනා ආයෙත් එන්න ආවේ අරුල් අයියත් මඟින් වෙන් වෙද්දි.......
"ආ මේ එන්නේ ඉලංදාරි තුන් දෙනා,උදේ පාන්දර ජොගින් ගියා කියල කියාගෙන නම් එන්න එපා"
"හරිනෙ.... හරියටම හරි.මගේ සුදු අම්මි කොහොමද හරියටම කිව්වෙ.මේ තූර්යගෙ බඩ වැඩි කියල ජිම් යන්න ඕන කිව්ව.ජිම් වැඩක් නෑ කියලා අපි මේ උදේට ටිකක් දුවන්න හැදුවෙ "
අනේ දෙයියනේ මේ තේව්ගෙ බොරු. මේ පැත්තක ඉන්න මාවත් අල්ල ගත්තා. යකූ මේ ලෑලි ඇගක් තියෙන මගේ බඩක් එන්නේ කොහෙන්ද. ඔන්න ඉතින් ඕක කියපු එකාගේ වැඩ නිසා නම් කොයි වෙලේ බඩ වෙයිද දන්නෙ නෑ....ඒක වෙනම කතාවක්.මට පොළව පළන් යන්න හිතුනේ දිනූ ඇන්ටියි,නදී ඇන්ටියි මගේ බඩ ඇවිත් ද කියල මං දිහා හොඳට බලද්දි. මෙතන ඉන්න එකම කැහැට්ට වෙච්ච මාවම මූට අල්ල ගන්න ඕන උනානෙ......
"බඩ..... තූර්ය පුතාගෙ... ඔයාට පිස්සුද ලොකූ.මේ ළමයව උදේ පාන්දර දුවවන්න නෙවෙයි ඕන හොඳට කෑම ටිකක් කවන්න ඕන. මට අම්මත් කිව්ව කන්න හොරයි කියල "
නදී ඇන්ටි මගේ අත අල්ලන් හෙමින් අත ගාන ගමන් කිව්වෙ ආදරෙන්.
"දැන් ඔහොම නටල හරි යන්නෙ නෑ, තුන් දෙනාම පාඩම් කරන්න පටන් ගන්න ඕන. තූර්ය පුතාට අපේ දෙන්නත් එක්ක පාඩම් කරන්න පුළුවන්නෙ"
අපොයි හොඳට හිටී නැන්දම්මේ ඔයාගෙ ලොකු පුතා එක්ක පාඩම් කරන්න ගත්තොත් නම්.පාඩම කෙසේ වෙතත් වෙන වෙන දේවල් නම් වෙයි. මෙච්චර වෙලා බාගෙට මැරිලා වගේ හිටිය අර හොර තේනුවා කට වහන් හෙමිහිට හිනා වෙද්දි ඒකගෙ ෆොටෝ කොපිය නම් මූණෙන් මනමාල කම බේරන ගමන් කට කොනෙන් හිනා වෙනවා. නදී ඇන්ටි දන්නෙ නෑනෙ එයා මේ ඉබ්බන්ව වතුරට දාන්න හදන්නේ කියල....
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ