ආයෙමත් ආදරෙන් 8

1.3K 195 51
                                    

තේව් එක්ක කතා කර කර ඉදල දන්නෙම නැතුව මට නින්දත් ගිහින්, ඒත් අතරමගදි ඇහැරෙන්න උනා, ආයෙත් හීනයක්.....

කාමරේ තිබ්බ ලා එළියෙන් වගේම ජනෙල් වලින් පෙරිලා ආව හඳ එළියෙන් මගේ එහා පැත්තේ නිදන් හිටපු එයා දිහා මං බලන් හිටියා.දැන් හොඳටම විශ්වාසයි මේ එයා කියල, හීනෙන් දැකපු ඒ මූණේ නහයෙ පැත්තක තිබ්බ ලපේ මං හොඳටම දැක්ක.

එයා දිහා බලාගෙනම හීනේ ආයෙත් මතක් කරා.......

මං හිටියේ කන්දක් මුදුනේ,ගහකට පිට දීලා.කහ පාට මල් පිරුණු ලොකු ගහක්.... ඒ ගහ.....ඒක නේද පන්සලේදි දැක්කෙ, ඒක දැක්කම ඇයි එදා මට බය හිතුනේ, අනික තේනුත් ඒක දැකලා බය උනාලු, මං ආයෙත් නිදා ඉන්න තේව් දිහා බැලුවා. මගේ තේරීම වැරදි වෙන්න නම් එපා.......

ගහට පිට දීලා ඉඳන් හිටිය මගේ අතේ නමපු කොළයක් තිබ්බ.ඒක ලියුමක් වෙන්න ඇති. මං බලන් හිටියා කවුරු හරි එනකම්.ටිකකින් කෙනෙක් කන්ද උඩට ආවා.ඇවිත් මං ලඟම ඉඳ ගත්තම මං ඒ මූණ මගේ අත් දෙකටම මැදි කරන් ඒ ඇස් වලට එබුනා. ඒ වෙලාවේ තමයි මම අර නහය ළඟ තිබ්බ ලපේ හොඳටම දැක්කෙ.

"උබ පරක්කු වෙද්දි මං බය උනා දේව්"

"අර පොඩි උන් දෙන්න වලි කුකුළෙක් පස්සේ දිව්ව අභී, උන් දෙන්න එනකන් ඉන්න උනා ඉතින්...... අද මල් පොකුර ගොඩක් ලස්සනයි, හැමදාම උදේට ඇස් දෙක ඇරපු ගමන් මං බලන්නේ මල් පොකුර දිහා"

"මං හැමදාම උදේට නැගිටින්නේ මගේ පින්න මල හිතින් මවා ගෙනනෙ ඉතින්"

"අදත් ලියුමක්..... කවියක්ද "

"ම්ම්ම් ගෙදර ගිහින් බලන්න"

"චූටි අප්පො ඔයාලා කොහෙද "

අපි ඉන්න තැනට පොඩි ළමයි දෙන්නෙක් කෑ ගහගෙන දුවන් එද්දී හීනේ බොද වෙලා වගේ ගියා, ඊට පස්සේ තමයි මට ඇහැරුනේ.ආයෙත් නිදා ගත්තත් ගොඩක් වෙලාවකට පස්සේ තමයි මට නින්ද ගියෙත්.

උදේ ඇහැරල වටපිට බලද්දී මට එක පාරටම හිතා ගන්න බැරි වුණා කොහෙද ඉන්නේ කියලා. පස්සේ තමයි මතක් උනේ මේ තේව් ගේ කාමරේ කියල, මොනා නැතත් මට උදෙන්ම ඇහැරෙන පුරුද්දක් තිබ්බ, ඒ නිසාම ඇදෙන් බහින්න හැදුවත් මාව ආයෙත් පිටි පස්සට ඇදිල ගියා.තේව් මගේ අතින් අල්ලන්....

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now