තේව්ගෙ තොල් පෙති හැමදාම වගේ සීතලයි, නළලට තද උන ඒ සීතල තොල් පෙති වල පහසට මගේ ඇස් පිය වෙද්දි එයා මගේ පිය වෙලා තිබ්බ ඇස් පියන් දෙකටම චූටි හාදු දෙකක් තිබ්බ.
පෙති තැලෙයි කියල බයෙන් මලක් දෝතට ගන්නවා වගේ ඒ අත් දෙකට පරිස්සමින් මගේ මූණ මැදි කරන් මූණ පුරාම තොල් පෙති අරන් ගිය එයා අන්තිමට නැවතුනේ මගේ තොල් පෙති උඩ.හරිම ඉවසීමෙන් මගේ තොල් පෙති රස විඳින ගමන් ශර්ට් එකේ බට්න් පන්නපු එයා ටික වෙලාවකින් බෙල්ල වගේම පපුව පුරාම එයාගෙ අයිතිය කියා පෑවේ මං ඇද රෙද්ද තදින් මිරික ගද්දී. ඇගේ සියුම් තැන් වලට ඒ පහස නුහුරු වෙද්දි සියුම් කිතියක් එක්ක මට කෙඳිරි ගෑවුණා.....
එයාගෙ ඇග වටේ මගේ අත් දෙක තදින් බැදෙද්දි එයාව පපුවට තුරුල් කරන් ටිකක් වෙලා හිටියේ මෙච්චර වෙලා නෝටි වැඩ කරපු එයත් පූස් පැටියෙක් වගේ මගේ පපුවට තුරුල් වෙද්දි.
"බබා"
"ම්ම්ම්"
"තාත්ත නිසා දුකෙන්ද ඉන්නෙ, ඔයාට එයාව මතක් වෙනවද"
"ටිකක් මතක් වෙනවා ඉතින්"
"මං ඔයාට එයාව අමතක කරන්න කියන්නේ නෑ, ඒ උනාට දුකෙන් ඉන්න එපා. ඕනම දේකට මං ඉන්නවා මැණික. උබට තාත්තෙක් වෙන්න මට බැරි නෑ තූර්ය"
"මං දන්නවා තේව්"
"උබ අභිමන් විදියටත් ගොඩක් දුක් වින්දා මැණික, ඒ හැමදේකටම හරි යන්න මං උබව සතුටින් තියනවා"
අභිමන් කියන්නේ කවදාවත් අම්මෙක්ගෙ, තාත්තෙක්ගෙ ආදරේ නොලැබුණු කෙනෙක්, එයාට එයාගෙ කියන්න පවුලක් තිබ්බෙ නෑ.මේ ආත්මෙදි මටත් සම්පූර්ණ පවුලක් එක්ක ජීවත් වෙන්න ලැබුණේ ටික කාලයයිනේ.ඒත් අම්ම මගේ ළඟින්ම ඉන්නවනේ,ඒ වගේම තේව්ගෙ ආදරේ වගේම මං ගැන ගොඩක් හිතන ලස්සන හිත් ටිකක් මේ නුවරට ආවම මට හම්බ උනානේ.....
කතා කරන ගමන් උනත් එයාගෙ ඇගිලි මගේ පපුව පුරාම රටා ඇන්දේ මේ මනුස්සයට පාඩුවේ ඉන්නම බෑ කියලා ආයෙත් මට මතක් වෙද්දි....
🎶
දිගු කාලෙකින් සීතලේ
මහනුවර මන්දාරමේ
ඇද හැලෙන වැස්සක් වගේ
ඔබගෙයි මගෙයි ආදරේ
මන්දාරම් කතාවේ
🎶
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ