ආයෙමත් ආදරෙන් 11

1.1K 184 21
                                    

අම්ම තේව්ට මගේ කාමරේ ඉන්න කියල යද්දි තේව් මගේ පස්සෙන් බබා වගේ කාමරේට ආවා. අයියයි මල්ලියි දෙන්න එක්ක ගහපු ප්ලෑන් එකක් නිසා වෙන්න ඇති තේනු අරහෙ ඉද්දී මෙයා මෙහෙ ඉන්නේ, මුන් දෙන්නා ගිය ආත්මේ එකතු වෙලා මොන විදිහේ ගේම් ගැහුවද දන්නෙ නෑ, හැබැයි ඉතින් මේ මමත් ඒවට කොණකින් හරි සම්බන්ද වෙන්න ඇති.

"මාව මඟ අරිනවද ඔයා, මං ආව එක කරදරයක්ද"

කල්පනා කර කර පොත් මේසෙ අස් කරා මිසක් මට අමතක උනානේ කාමරේ තව කෙනෙක් ඉන්නවා කියල. එයා පිටි පස්සෙන් ඇවිත් කතා කරද්දි තමයි මතක් උනේ, තේව් හිටියෙ එයාගෙ හුස්ම මගේ බෙල්ලෙ වදින තරම් ලඟින්. මං අනිත් පැත්ත හැරුණු ගමන් ඒ හුස්ම ඇවිත් මගේ මූණේ වැදුනා.

"අනේ එහෙම දෙයක් නෑ තේව්, මං මේ පොත් මේසෙ අස් කරා. ඔයාට නිදිමතද ඉන්න මං ඇද අස් කරලා දෙන්නම්"

එතනින් යන්න හැදුවත් තේව් හිටියෙ මාව මැදි කරන් අත් දෙකෙන් මේසෙ අල්ලගෙන, මං මේසෙට හේත්තු වෙලා තවත් ටිකක් කොන්දෙන් පස්සට උනේ තේව් මගේ මූණට එබුනු නිසා......

"ඔයාට නිදිමතද, මට නම් අද නින්ද යන එකක් නෑ, කමක් එහෙනම් ගිහින් ඇද අස් කරන්නකෝ, ඔයාගෙත් ආසාවනෙ"

එයා එහෙම කියන් මගෙන් ඈත් උනත් මං තත්පර ගානක් එහෙමම හිටියා.මෙයා නම් කරන්නෙම මගේ හොඳ සිහිය නැති කරන එක.ඇද අස් කරාට පස්සෙ එයා පාඩුවේ ඇදට ගියා.

"තේව් ලයිට් එක ඕනද"

"එපා"

"ඇයි ටේබල් ලෑම්ප් එක ඔන් කරන්නද මේක ඕෆ් කරලා"

"කමක් නෑ තූර්ය මං දන්නවා ඔයාට ලයිට් එක නිසා නින්ද යන්නෙ නෑ කියල, එදා අපේ ගෙදරදි ඔයා බොරු කිව්වෙ ලයිට් එක කමක් නෑ කියලා"

"ඒත් ඔයාට කලුවරේ නිදා ගන්න අමාරුයි නේද "

"ඉස්සරහට හුරු වෙන්න වෙයිනෙ, ලයිට් ඕෆ් කරලා ඇවිත් නිදා ගන්න "

එයා කිව්ව නිසාම මං ලයිට් එකත් ඕෆ් කරන් ඇදට ගියා. ටිකක් වෙලා යනකම් අපි අතර තිබ්බෙ ලොකු නිහැඬියාවක්, පස්සෙ ඒක බින්දෙත් තේව්ම තමයි. නිකන්ම නෙවෙයි එයා කතා කරන්න ගත්තේ මාව එයා ළඟට ඇදලා අරගෙන. එයා මට වඩා උස මහත නිසාම මාව නිකන්ම එයා ළඟට ඇදිල ගියා.

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now