ආයෙමත් ආදරෙන් 3

1.3K 200 34
                                    

මම, තේනු, දිසෙත් අපි තුන් දෙනාම සාලෙට වෙලා කතා කර හිටියත් තේව් පේන්න හිටියෙ නෑ, ටිකකින් තේනු නැගිටලා ගියාම දිසෙත් මං ළඟට ආවා.

"සුදු අය්යේ මේ ඔයාට බදාගෙන කාලා එහෙම පුරුද්දක් නෑ නේද, අපි බෙදා හදා ගෙන කමු හොඳේ"

"මොනවද"

"මොනවද අහන්නේ අප්පා, මෙහෙ ඉන්න ගින්දර වගේ කොල්ලො දෙන්න ගැන කිව්වෙ,තේව් අයියා මට,තේනු අයියා ඔයාට  ඈ...හාද... හාද "

අයියෝ දෙයියනේ මං අත් දෙකෙන්ම ඔලුව බදා ගත්තා, මූට මඟුල් විසේ ඇග පුරාම.වයසට නෙවෙයි වැඩ.

"ඇයි තූර්ය ඔළුව රිදෙනවද"

ආයෙත් ආපු තේනු ඇහුවේ මං ඔළුව බදන් ඉද්දී.

"අනේ නෑ තේනු මේ නිකන්"

"එහෙනම් කමක් නෑ ළමයෝ,ඔළුව රිදෙනවා නම් කියන්න හොඳද අපේ ගෙදරට ආව අමුත්තව අපි බලා ගන්න එපැයි"

තේනු ගෙ පස්සෙන්ම ආව නපුරා මට රවාගෙනම එහා පැත්තේ පුටුවෙන් ඉඳ ගත්ත. පුරුදු විදියටම එයාව දැක්ක ගමන් මගේ ඇස් ගැස්සුණා.එයා එක එල්ලේම මං දිහා බලන් ආවේ.

"ඔයා මල් යායේ ඉන්නවද ඒයි"

"ආ.... මල් යාය?"

"ඔව් ඔව් අනේ මල් යාය, පේස් බුකිය"

"ආ ෆේස් බුක්... ඉන්නවා තේනු"

"එහෙනම් ඇක් එකේ නම කියන්න සුදා"

"තූර්ය ගලප්පත්ති "

"හෑ මොකක් ගල්පාත😂.ඔය තියෙන්නෙ ගැලපෙනම නම.අරුන් බොරුවට රෝස කුමාරයා ගගා මැරෙන්න හැදුවට ගැළපෙනම නම තමයි ගල්පාත"

මෙච්චර වෙලා පාඩුවේ හිටපු තේව් හිනා වෙවී කියවන්න ගද්දී මට නම් කේන්ති ගියා.

"ඔයත් ඉතින් බොරළුගොඩ වගේ ඉන්නෙ ඔය යස අගේට"

"ආ ඇත්තද ගල්පාතයෝ"

"අයියෝ මේ බොරු දේවල් වලට මරා ගන්නෙ නැතුව ඉන්නවද"

"ඒකනෙ තේනු අය්යේ. අපි මේ මෙතන ඉන්නේ මරා ගන්න නෙවෙයිනේ"

"ආ එහෙමද පොඩි එකෝ උඹේ සුදු අයියව හොඳට පරිස්සම් කරල තියා ගනින් හොඳද"

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now