ආයෙමත් ආදරෙන් 21

1K 169 30
                                    

"මොකක්ද අනේ මෙච්චර වෙලා කරේ, අපි අරහෙ ඉඳන් ඇවිල්ලත් ඉවරයි, ඔයාට මේ අඩි දෙක තුන එන්න පැයක් ගියානේ"

"කට වහන් ඉඳපන් මල්ලි පොඩ්ඩක්"

"ඉතින් අයියෙ ඔයා ඉන්නවා කියල මෙයාට ලෑස්ති වෙන්න ඔච්චර වෙලා ගන්න ඕන නෑනේ, මීට කලින් දෙන්නා දැකල නැද්ද"

මං පොඩ්ඩක් වටපිට බැලුවේ තේනුවගේ කටේ ඔබන්න මොනව හරි හොයා ගන්න, ඇයි යකෝ මට ඇවිල්ලා ඉඳගන්න උනේ නෑ මේකා කියවන්න ගත්තනේ.

"මචං සන්තූර්.... උබ අද කොළඹ යනවද, නැත්නම් සූරිය බණ්ඩාර වලව්වට යනවද"

"වලව්වට යනවා බං,නැන්දා අද මට කොහොමත් යන්න දෙන්නෙ නෑ "

අපිට ටිකක් එහායින් ඇහුන රොෂාන් අංකල්ගෙයි අර අංකල්ගෙයි කතාව ඇහිච්ච ගමන් තේනුවගේ කට වැහුන වගේම ඒ ජෝඩුව පුදුම උනා.ඇයි ඉතින් සූරිය බණ්ඩාර වලව්ව ගැන කියනවා ඇහුණනේ, හොඳ වැඩේ උගුඩුවා දෙන්නට මං කියන්න ආව දේවල් කියන්න දුන්නෙත් නෑනේ.එයාලට වඩා දෙයක් මං දන්න නිසාම පුටුවේ ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගෙන අත් දෙකත් පුටු ඇදි දෙක දෙපැත්තෙන් දා ගත්ත.හරියට මමයි රජා වගේ.

' සන්තූර්' එහෙනම් ඒක තමයි අංකල්ගෙ නම, මගේ නම හැදිලා තියෙන්නෙ එයාගෙ නමෙන්. අංකල් කසාද බැදලා එයාටත් දරුවෝ ඇති සමහර විට. එයාලා කොළඹ වෙන්න ඇති.අංකල් යන්න කලින් කතාවට අල්ල ගත්තා නම් අපිට ඕන විස්තර ටිකක් හරි දැන ගන්න තිබ්බා. ඒත් ඉතින් ඊට කලින් මේ දෙන්නට අංකල් ගැන කියල ඉන්න එපැයි....

"ඒ මොකක්ද අයියෙ අර අංකල් සූරිය බණ්ඩාර වලව්ව ගැන කිව්වෙ"

"මං දන්නෙ කොහොමද බං,මාත් මේ බැලුවේ මොකක්ද එයා කිව්වේ කියල"

"උඹට පුදුම නැද්ද තූර්ය, නිකන් නෝන්ඩි හිනාවක් දාගෙන ඉන්නෙ"

"නෑනෙ,පුදුමයක් නෑ. මොකද ඉතින් මම ඔයාලා නොදන්න ගොඩක් දේවල් දන්නවනේ, කොහෙද ඉතින් ආව ගමන් වට්ටිඅම්ම වගේ කියවන් ගියා මිසක් මට මුකුත් කියන්න දුන්නද"

"ඈ ඇත්තටම දන්නවද, අනේ කියනවකෝ හලෝ ඔය සීන් එක මොකක්ද කියලා"

"මොකක්ද තූර්ය ඒ කතාව"

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now