ආයෙමත් ආදරෙන් 33

921 143 25
                                    

මේ ඊයේ මට හම්බවුන පුංචි තෑග්ගක් JiaoGulfkanawut   ඔයාට ගොඩක් ස්තූති සුදූ මේ ලස්සන cover pic එකට ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඊයේ මට හම්බවුන පුංචි තෑග්ගක් JiaoGulfkanawut   ඔයාට ගොඩක් ස්තූති සුදූ මේ ලස්සන cover pic එකට ❤️


මේ ගෙවෙන රැය අපි ගොඩක් දෙනෙක්ගෙ නින්ද නැති කරපු රැයක්. හෙට එළිවෙන දවස කොහොම ගෙවෙයිද කියල මට වගේම අනිත් අයටත් හිතෙනවා ඇති, තේව්,තේනු, ශේන් අයියා,අරුල් අයියා, අපි පස් දෙනාම වට්සැප් ගෘප් කෝල් එකකින් පැය දෙකක් විතර කියෙව්වෙත් මේ ගැන. හෙට කොහොමත් කන්දට පිරෙන සෙනඟ නවත්තන්න පොලිසියට බැරි වෙයි, ඔය ආරංචිය ඉතින් හෙට කටින් කට පැතිරිලා හැමෝම දැන ගනී.

පොලිසියෙන් එතනට යන්න දෙන්නේ නැති උනත් ඒ අහල පහලට හරි ගිහින් බලන්න හිතෙනවා. ඒ උනාට ඔතන ඉන්න අනිත් මිනිස්සුන්ට ඕක දිහා නිකන්ම බලා ඉන්න පුළුවන් උනත් මං,තේව්,තේනු අපි තුන් දෙනාට නම් ඒක සාමාන්‍ය විදියට බලා ඉන්න බැරි වෙයි, ඊළඟට අපේ ගිය ආත්මේ වගේම මේ ආත්මේ කතාව දන්න අයටත් ඔතනට ගියොත් ඕක දරා ගන්න බැරි වෙයි.ඒ නිසා වෙන්න ඇති තේමිය අංකල්ල කාන්තා පාර්ශවයට එතනට යන්න එපා කිව්වෙ. අපි තුන් දෙනාටත් එපා කියයිද දන්නෙ නෑ, ඒ උනාට කොහොම හරි එයාලා පස්සෙන් එල්ලිලා යන්න ඕන,කුතුහලෙන් ගෙදරට වෙලා බලන් ඉන්න එක තරම් අමාරු වැඩක් තවත් නෑ......

ඔහේ ඇදේ පෙරළි පෙරළි ඉදල කීයට නින්ද ගියාද මන්දා,උදේ හතත් පහු වෙලා ඇහැරුනේ.ඒකත් තේව්ගෙ කෝල් එක නිසා.අංකල් එයාලව එක්ක යන්න බොහොම අමාරුවෙන් කැමති වෙලා,ඒ නිසා මටත් එයාලා එක්ක යන්න පුළුවන්, ශේන් අයියත් එයාගේ තාත්තයි බාප්පයි එක්ක යනවා කිව්වනෙ.......

මං ඊයේ රෑ තූර් අංකල් එක්ක කතා කරලා වලව්වේ විස්තර ඇහුවා.අර ආපු අය ලොකු ප්‍රශ්නයක් ඇති කරලා නම් නෑ. අංකල් නම් කිව්වෙ අර නෙවිල් හාමුගෙ නංගි ආච්චි අම්මා එක්ක චාටුවෙන් කතා කරාලු, ඒකත් කපටිකමට ඉතින්.දේපල බෙදා ගන්න නම් එයාව හොඳින් තියා ගන්න එපැයි.මොන විදියකින් හරි කමක් නෑ එතන ප්‍රශ්නයක් ඇති නොවුන එකම ලොකු දෙයක්.

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now