"බලන්නකෝ පුතා හරි වැඩේනෙ තේනු පුතාට හොඳටම උණ හැදිලා, නදී ඇන්ටි දැන් කෝල් කරලා කිව්වෙ"
අම්ම කාමරේට එද්දී මං හිටියේ තේව් එක්ක මැසේජ් කර කර, අපි දෙන්නත් කතා උනේ තේනු ගැන තමයි.මෙහෙ ඉඳන් ඒ දෙන්නා ඇන්ටි එක්කම ආයේ යද්දි නම් අසනීපයක් පෙනුණෙ නෑ. හවස් වෙද්දී උණ ගැනෙන්න ඇත්තේ. ඒකට හේතුව උදේ එයා වලව්ව ලගදී බය වෙච්ච එකද.
"තේමිය අංකලුත් ගෙදර නෑ පුතා. රොෂාන් අංකල් එක්ක අනුරාධපුරේ මළ ගෙදරක ගිහින්.අර වැඩට ඉන්න ගෑණු කෙනාත් හවස් වෙද්දී යනවනෙ.යඇන්ටි බයේ ඉන්නෙ තේව්ටත් අසනීප වෙයි කියල, දෙන්නම එකටනෙ අසනීප වෙන්නේ"
"ඉතින් අපි මොකද කරන්නෙ අම්ම"
"අපි දෙන්නා අද එහෙ ඉමුද.නදී ඇන්ටි පව් බබා, එයා බයවෙලා ඉන්නේ. අංකල් හිටිය නම් ප්‍රශ්නයක් නෑනෙ"
"හරි අම්ම යමු එහෙනම්. ඉන්න මං ඉක්මනට එන්නම්"
මේ වෙලාවේ එයාල ලඟ ඉන්න තියෙනවා නම් ලොකු දෙයක්.එයාලව තනි නොකර ලඟ ඉඳන් බලා ගන්න ලැබෙනවනේ. නැත්නම් ඉතින් එයාලා එහෙ අසනීප වෙලා ඉද්දී මං මෙහෙට වෙලා පිච්චි පිච්චි ඉදී.
දිනූ ඇන්ටිටත් කියල අපි දෙන්නා කාර් එකේ බංගලාවට ආවා.නදී ඇන්ටිට අම්මව දැක්කම සතුටුයි.ඇයි ඉතින් අර දෙන්නම අසනීප උනොත් එයා තනියම මොනව කරන්නද.දිනූ ඇන්ටිත් ආවේ නැති උනාට නිතරම කෝල් කරා. අපි තුන් දෙනා තේව්ල හිටිය රූම් එකට යද්දි තේනුට නින්ද ගිහින්.තේව් ඇදට වෙලා හිටියත් නිදි නෑ. අම්මයි, ඇන්ටියි දෙන්නගේ ලෙඩ බලලා ඉවර වෙලා කෑම මොනව හරි හදන්න යද්දි මං ඇදේ කොණකින් ඉඳ ගත්ත.....
"අද මෙහෙ ඉන්න නේද ආවේ"
"ම්ම්ම් ඔව්"
මං එයාට උත්තර දුන්නේ එයාගෙ නළලටයි බෙල්ලටයි අත තියලා බලන ගමන්.තේනුගෙ ඇග තරම් රස්නයක් නැතත් යන්තම් රස්නයක් දැනුනා.
"හැමදාම ලෙඩ හදා ගන්න හිතෙනවා"
ඔන්න ඉතින් මෙච්චර වෙලා මැලවිලා වගේ හිටපු මිනිහා මාව බදාගෙන ඇගේ තැනින් තැන කූරු ගාන්න පටන් ගත්තා. මේක නම් හොඳ වැඩක් නෙවෙයි අම්මලා කොයි වෙලේ කාමරේට එයිද දන්නෙ නැහැ.
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ