කෝල් එක කට් උනාම මං බැලුවේ කටත් ඇරගෙන මං දිහා බලන් ඉන්න කිඹුල් ජෝඩුව දිහා. හදිසියට බොරුවක් මතක් වෙන්නෙත් නෑ, එහෙමයි කියල ඇත්ත කියන්නත් බෑ. මට නම් හොඳටම ෂුවර් තේනු පණ කඩාගෙන කෝවිලට දුවයි කියලා,නිකන්ම නෙවෙයි අපිවත් පෙරලගෙන, ඊට පස්සේ එයාගෙන් පස්සෙන් තේව් දුවද්දි මටත් වෙන්නේ ඒ දෙන්නගේ පස්සෙන් දුවන්න. ආයෙමත් තේනුගෙ මතක අතරේ තියෙනවා වගේ කතාවක් සිද්ද වෙන්න ඉඩ නොදී ඉන්නනේ අපිත් මෙච්චර නැහෙන්නේ.
"කව්ද බබා කතා කරේ"
"ගිමන්"
"ඒ ඇයි"
"එයාලා සෙල්ලම් කරන්න යනවා කියල අපිටත් එන්නලු,මං කිව්වා බෑ කියලා"
"ම්ම්ම්"
දැන් ඉතින් මේකා ආයෙත් කෝල් එකක් ගත්තම මෙයාලා ආයෙත් සැක කරයිනෙ, ඒ නිසා ෆෝන් එකත් අරන් ගෙදරට ගිහින් එන්න යනවා කියල ගියා නම් හරි. මං ඒ වෙලාවේ වොෂ් දාන් හිටියෙත් නැති නිසා වොෂ් කරන් එන්නම් කියලා ගෙදරට යන්න එළියට ආවත් තේව් මගේ පස්සෙන් ආවේ තනියම යන්න දෙන්න බෑ කියලා. මේ අඩි දෙක තුනට මොන තනියක්ද.
කාමරේට ආව ගමන්ම මං තේනු එක්ක කියන්න බැරි උන කතාව තේව් එක්ක කිව්ව.අපි කවුරුත් දන්නෙ නෑනේ මොන වගේ කලබලයක්ද කෝවිලේ තියෙන්නේ කියලා, අපි හරි හමන් හේතුවක් දන්නෙත් නෑනෙ......
විනාඩි දහයක් විතර යද්දි ගිමන්ගෙන් කෝල් එකක් එද්දී තේව් කිව්ව නිසාම මං ස්පීකර් ඔන් කරා.
"අඩෝ තූර්ය, උඹල මේ වෙලාවේ මෙතන ඉන්න තිබ්බෙ බං,උඹල දකින්නම ඕන දෙයක් මේක"
මං හලෝ කියන්නත් කලින්ම ඒකා කියවන් ගියේ ඉස්පාසුවක් නැතුව. කියන මෙළෝ දෙයක් නොතේරුන අපි දෙන්නා මූණට මූණ බලා ගත්ත.කොහෙද ඉතින් කියන දෙයක් එකපාර පැහැදිලිව කියන පුරුද්දක් නෑනෙ මූට.
"තේරෙන්න කියපන් බල්ලෝ"
"ඉඳපන් උබට වීඩියෝ කෝල් එකක් ගන්නම් මං"
"ෆොටෝ ටිකක් අරන් යවපන් බං එක්කො, වීඩියෝ කෝල් ඕන නෑ"
ඒ අස්සෙන් අනුසරගෙ කටහඬත් ඇහෙනවා.ඌ කියනව ෆොටෝ යවන්නලු, අපි මෙතන වෙච්ච දේ නොදැන පිච්චි පිච්චි ඉද්දී මුන් දෙන්නා එතන ලව් කරනවනේ.ඩේටා ඔන් කරන්න කියල කෝල් එක කට් වෙද්දි මං ඩේටත් ඔන් කරන් වට්සැප් පැත්තට ගියා.ටිකකින් ෆොටෝ පහ හයක් එද්දී අපි දෙන්නා බැලුවේ ඒ මොනාද කියලා.කෝවිලේ මිදුලෙ ගත්ත ෆොටෝ ටිකක්, පිරිමි තුන් හතර දෙනෙක් බිම ඉඳන් හිටියෙ හොඳටම ගුටි කාලා.උන්ගේ අත් පිටි පස්සට කරලා සාරි වලින් බැදලා, ඒ අස්සේ ගෑණු කෙනෙකුත් බිම ඉඳගෙන මූණ දෙක කරන් ඉන්නවා.ඒ ෆොටෝ වල හිටිය දෙන්නෙක්ව නම් අපිට හොඳටම අදුර ගන්න පුළුවන්.......
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ