ආයෙමත් ආදරෙන් 18

1K 170 29
                                    

අරුල් අයියා අද අපිට එන්න කිව්වෙ කියන්න දෙයක් තියෙනවා කියලනෙ, ඒ දේ අහගන්න අපි හතර දෙනාම දත කට මැදන් බලන් හිටිය, එයා බැම්ම උඩ ඉඳ ගෙන කතා කරන්න ගත්ත. තේනු නම් ඇස් කටේ දාගෙන අයියව කන්න වගේ බලන් ඉන්නේ. අයිය කියන දේවල් ඕක සිහියෙන් අහගෙන හිටියොත් නම් ලෝක පුදුමයක්. අයියා කතා කරල ඉවර උනාම තේනුගෙන් ප්‍රශ්න අහන්න ඕන. එතකොට බැරියැ සිහියේ තරම බලා ගන්න......

"ඔයාල දන්නවද සින්න දොරේලාට කලින් ඒ වගේම ආදරවන්තයෝ දෙන්නෙක් ඔය වලව් දෙකේ ඉදල තියෙනවා. වලව් දෙකේ වෛරයට හේතු උනෙත් ඔය ආදර කතාව, අන්තිමට ඒ ආදරෙත් ඉවර උනේ ඒ දෙන්නගේ මරණෙන්, ඒ දෙන්නම සින්න දොරේගෙයි අභිමන් මහත්තයාගෙයි බාප්පලා"

"අයියා ඔය කියන්නේ අර අපේ වලව්වේ බෙල්ලෙ වැල දාගත්ත කියන කෙනා ගැනද"

"ඔව්"

"එතකොට අනිත් කෙනා තමයි ගගේ ගිලිලා තියෙන්නේ"

"ම්ම්ම් ඔව්"

"අයියා කොහොමද ඕක දැන ගත්තේ"

"ඊයේ හවස මං අපේ අම්මා එක්ක කතා කරා,මතකද මං ඔයාලට කිව්වා අපේ අප්පා දෙයක් දන්නවා කියල, මට මතකයි එයා අම්ම එක්ක ඉස්සර වලව් දෙකේ හාමුලා දෙන්නෙක් ගැන කියනව"

"ඇයි අයියා අප්පගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ "

"එයා දැන් ගොඩක් වයසයිනෙ,කතා කරල මහන්සි කරන්න බෑ. අනික එයාට දැන් ගොඩක් දේවල් අමතකයි"

"ම්ම්ම්"

"අම්ම අප්පව කසාද බඳින්න කලින් මේක සිද්ද වෙලා තියෙන්නේ.ඔය හාමුල දෙන්නෙ කෝවිල ළඟට එනවලු හැමදාම කතා කර කර ඉන්න, එයාලා අප්ප එක්ක හොදින් කතා බහ කරලා අදුර ගෙන ඉදල තියෙන්නේ, වලව් වල අනිත් අය වගේ ආඩම්බර නැහැලු......

ඒ දෙන්න අතර තිබ්බ සම්බන්දෙ දැන ගත්තම වලව් දෙකෙන් එයාලට ගොඩක් කරදර කරල.එයාලා කෝවිල ළඟට එන එකත් නැවතිලා.ටික කාලෙකට පස්සේ තමයි සූරිය බණ්ඩාර වලව්වේ හාමු ගගේ ගිලිලා කියල ආරංචි වෙලා තියෙන්නේ, ඊට දවස් ගානකට පස්සෙ මුතුකුඩ වලව්වේ හාමු බෙල්ලෙ වැල දාගෙන. ඒත් ඒ දෙන්නගේ සම්බන්දෙ ගැන වලව් දෙකේ අය ඇරෙන්න දන්නෙ අපේ අප්පා විතරයි"

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now