ආයෙමත් ආදරෙන් 27

928 154 18
                                    

දේව් ගැන අභිමන් ගැන, පුංචිත්තා ගැන දන්න අයට නම් තූර්ය,තේව්,තේනු විදියට අපි මේ කියන ආත්ම දෙකක කතාව විස්වාස කරන්න අමාරු වෙන එකක් නෑ, ඒත් එයාලා ගැන කිසිම දෙයක් නොදන්න ගිමන්, අනුසර වගේ අය ඒ කතාව විස්වාස කරයිද, මං හිටියෙ ඒ ගැන හිත හිතා. සාලෙ ඉතුරු උන අපි තුන් දෙනා අතර තිබ්බ නිහැඩියාව බිඳුනේ තේනු සැරින් සැරේ හූල්ලන සද්දෙන් විතරයි.තේව් එයාව තුරුල් කරන් එයාගෙ ඔලුව අත ගගා ඔහේ බලන් හිටිය වගේම මමත් සෝෆා එකට හේත්තු වෙලා ඔහේ බලන් හිටිය.

ටිකක් වෙලා යද්දි තේනු සන්සුන් උනා, ඒත් තාමත් තේව් හිටියෙ එයාව පපුවට තුරුල් කරන්.එයාගෙ මතක එයාට ලොකු බරක් වෙන්න ඇති. හැම දෙයක්ම හිත ඇතුලේ තියන් දුක් වින්දේ අපි ගැන හිතලා තමයි. ඒත් ඉතින් එයාට තිබ්බ ඒ හැමදේම අපි එක්ක බෙදාගෙන හිත සැහැල්ලු කර ගන්න. එහෙනම් අපිට එකතු වෙලා විසඳුමක් හොයන්න තිබ්බ.

ශේන් අයියගෙන් අපේ කතාව ගැන දැන ගත්ත අනිත් අයත් සාලෙට ඇවිත් අපේ වටේ ඉඳ ගත්ත.ෂුවර් එකටම දැන් අපෙන් අහන්නත් ප්‍රශ්න කෝටියක් ඇති.හිතුවා වගේම මුලින්ම එකෙක් කතා කරන්න ගත්ත.

"මේ ශේන් අයියා කිව්ව කතාව ඇත්තද බං.ඔය වලව් දෙකේ ඉස්සර ජීවත් වෙච්ච අයගේ පුනරුප්පත්තියද උබල තුන් දෙනා"

"හ්ම්ම්ම්ම්"

"එතකොට උබල කියන්නේ ඒක තාමත් විසදුනේ නැති අපරාධයක් කියලද.එයාලව කවුරු හරි මරලා දාලා කියලද"

"ඔව් බං,අපිට හිතෙන විදියට ඒක එහෙමයි"

"අනේ මන්දා විශ්වාස කරන්න අමාරුයි බං.ඒත් නොකරත් බෑ"

"විස්වාස කරන්න අමාරු උනත් මේ හැම දෙයක්ම ඇත්ත බං"

"මොනව උනත් උබලට ඕන දේකට අපි ඉන්නවා, නැද්ද මචංලා"

රකිදු එහෙම කියද්දි ගිමන්, අනුසර දෙන්නත් ඒක අනුමත කරා.ඒත් දිසෙත් නම් නෝ කතා.ඒකා ඉතින් පොඩි එකානේ මේ වගේ වෙලාවක පුදුම වෙලා ඇත්තේ, අනික කියන්න ඕන මොනාද කියලා හිතා ගන්න බැරුව ඇති.

"තැන්ක්ස් මචන්, ඒ වචන ටිකම ඇති "

"දැන් අද උනේ මොකක්ද, ඇයි තේනු බය උනේ"

ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅Where stories live. Discover now