Chapter 01

152 25 23
                                    

"චටාස්"

සෝල් නගරයේ පිහිටි මිල අධික ම හන්නම් ද හිල් නිවාස සංකීර්ණයේ 33 වෙනි නිවසේ ඔෆිස් රූම් එකේ පුපුරු ගහන කම්මුලත් අතින් අල්ලන් බිම වැටිලා හිටියේ අවුරුදු 17 ක විතර කෙල්ලෙක්. කෙල්ල හිටියේ බිම බලාගෙන උනත් කෙල්ලගේ ඇස්වල කඳුළු දිලිසෙනවා. ඒත් කෙල්ලගේ ඇස්වලින් එක කඳුළු බිංදුවක්වත් බිමට වැටුණේ නම් නෑ. මොකද කෙල්ල ඒ තරම් දැන් මේවට හුරු වෙලා.

👨‍⚖️ "කියනවා මොකද මේ මැත්ස් පේපර් එකට ලකුණු අඩු?? තමුසෙට මං කියලා තියෙනවා නේ ද ලකුණු 100 ම නැතුව ගෙදර එන්න එපා කියලා තමුසෙත් හදන්නේ තමුසෙගෙ ඔප්පා වගේ වෙන්න ද?? "

කෙල්ල ඉස්සරහ හිටගෙන ඉන්න Kim Dae Won කෙල්ලට මෙහෙම බැනගෙන ගිහින් ආපහු අත ඉස්සුවේ කෙල්ලගේ කම්මුල තව පාරක් රත් කරන්න. ඒත් කෙල්ලගේ මොකක්හරි වාසනාවකට ද මන්දා Dae Won අත පහලට දාලා මේසේ ගාවට ගිහින් දුරකථන ඇමතුමක් ගත්තා.

👨‍⚖️ "Yunji, hurry up and come to my office room. "

❤️ "Sir, did you ask for me? "

ටික වෙලාවකින් ඔෆිස් රූම් එකට ආපු කාන්තාව Kim Dae Wonගෙන් ඇහුවේ තාමත් බිම දණ ගහගෙන ඉන්න කෙල්ල දිහා දුක්මුසු බැල්මක් හෙලමින්.

👨‍⚖️ "Yeah, take miss Young Mi to her room and lock up her. "

"Okay sir. "

තමන්ගේ ස්වාමිපුත්‍රයාට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් නොතිබුණ Yunji එහෙම කියලා බිම හිටපු කෙල්ල ගාවට ගිහින් නැගිට්ටවගත්තේ කෙල්ලගේ කාමරේට යන්න. Yunji ඔෆිස් එකේ දොර අරිනවත් එක්කම Kim Dae Won ආපහු කතා කළා.

👨‍⚖️ "And also don't give her any food or drink. Starve her for tonight. "

❤️ "ඒත් සර්..."

Ynuji Dae Wonට කතා කරන්න යද්දී Young Mi

"අපි යමු Yunji. "

කියලා කිව්වේ කෙල්ල තමන්ගේ අප්පා ගැන හොඳට දන්න නිසා.

Yunjiයි කෙල්ලයි ඔෆිස් එකෙන් යනවත් එක්ක ම Dae Won අතේ තිබිච්ච රිපෝට් කාඩ් එකත් මේසෙ උඩට විසි කරලා ගිහින් කැරකෙන පුටුවේ වාඩි වෙලා ඇස් දෙක පියාගත්තා. ඔහුගෙ මූණේ තිබ්බේ කේන්තියකටත් වඩා දුක්බර බවක්.



***************************

Young Miව කාමරේ ඇඳ උඩින් වාඩි කෙරෙව්ව Yunji ඉක්මනට කිචන් එකට ගිහින් අයිස් පැක් එකක් ගෙනත් කෙල්ලගේ කම්මුලෙන් තියන ගමන් කෙල්ලව තමන්ට තුරුළු කරගත්තා. පොඩි කාලේ ඉඳන් ම කෙල්ලත් Yunjiගෙ තුරුළට වෙලා ඒ උණුහුම විඳ ගන්න ගොඩක් ආස කළා. මීට අවුරුදු දෙකකට විතර කලින් එයාගේ ඔම්මා එයාව දාලා ගියාට පස්සේ කෙල්ලට එයාගේ මුළු ලෝකෙ ම උනේ ඔප්පයි Yunjiයි විතරයි. Yunjiත් ඒක දැනගෙන හිටියා. ඒ නිසා ම කෙල්ලගේ ඔප්පට කෙල්ල ගාව නිතර ඉන්න බැරි උනත් Yunji තමන්ට පුළුවන් උපරිමයෙන් කෙල්ලව බලා ගත්තා.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now