Chapter 20

53 6 16
                                    

~ After 9 years ~

Author's POV

📱❔"අාහ්.. නේ අප්පා.. මන් දැන් මේ එයාපෝට් එකෙන් එළියට එන ගමන්. "

📱 "................... "

📱❔"කරේ.. මන් එන්නම් අප්පා. "

📱 "................... "

📱❔"චුසිම්හෙයෝ අප්පා. "

කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තු කෙල්ලගේ ඇස් අරයිවල් ලෝන්ජ් එකේ පිරිලා හිටපු සෙනග අතර එහා මෙහා දිව්වේ කෙනෙක්ව හොයන්න වගේ.

💜 "Young Mi-ah.. "

සෙනග අතරින් උඩ පැන පැන අත වනන කෙල්ලගේ යාළුවව අඳුරගන්න කෙල්ලට වැඩි වෙලාවක් ගියේ නෑ. දාගෙන ඉන්න මාස්ක් එකටත් යටින් එයාට රවපු Young Mi ඉක්මනට Yuri ගාවට ගියේ එයා තවත් පාරක් තමන්ගේ නම කියලා කෑගහන්න කලින්.

💚 "යා.. Park Yuri.. ඔච්චර හයියෙන් මගේ නම කියන්නේ මෙතන ඉන්න හැමෝටමත් මගේ ඔටෝග්‍රාෆ්ස් දෙන්න ඕනේ වෙලා ද? "

Young Mi කිව්වේ තමන්ව වැළඳගත්තු Yuriට තවමත් මාස්ක් එකට යටින් රවන අතරේ.

💜 "ආහ්.. මියන්හේ ඉතින්. මන් ඔයාව දැක්කේ මාස කීයකට පස්සේ ද අා? පොඩ්ඩක් සතුට වැඩිකමට ඉන්නේ එයාපෝට් එකේ කියලා අමතක වුණා. "

💚 "ම්ම්.. ඉන්න බලන්න.. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි.. මාස තුනයිනේ. මාස තුනට ඒ තරම් පාළු හිතුන ද ඔයාට මන් නැතුව? "

Yuriගෙන් ඈත් වෙලා අතේ ඇඟිලිත් නම නම Young Mi එහෙම කිව්වේ එයාව අවුස්සන්න හිතාගෙන.

💜 "අපෝ නෑ.. ඒත් මාස තුනක් ඔයාගේ වැඩ කරල ම එපා වෙලා හිටියේ. යමු ද අපි දැන්? "

Yuriත් කෙල්ලට ගස්සලා එයාගේ අතේ තිබ්බ බෑග් එකත් අරගෙන ඉස්සර වුණේ Young Mi ලැගේජ් එකත් අරගෙන පිටිපස්සෙන් පිය මනිද්දි.

💜 "Young Mi-ah..? "

💚 "ම්ම්.. "

ටික වෙලාවක් යනකන් දෙන්නා අතර තිබ්බ නිහඬතාව බිඳලා Yuri කතා කරද්දි Young Mi උත්තර දුන්නේ වෙන කල්පනාවකින්.

💜 "දැන් ගෙදර නේද යන්නේ? "

Yuriගේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට ඔළුව උඩ පහළ වනපු Young Mi එකපාරට කතා කළේ මොකක්හරි දෙයක් මතක් වුණා වගේ.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now