Chapter 24

13 2 0
                                    

Jun's POV

අපේ අන්තිම කොන්සට් එක තිබිලා අදට හරියට ම සතියක්. කොන්සට් එක දවසේ වුන ඇක්සිඩන්ට් එක නිසා මේ සතියට ම මට ඩෝම් එකෙන් එළියට අඩිය තියන්න ලැබුනේ Kyuගෙයි Harumiගෙයි බර්ත්ඩේ පාටි එකට යන්න විතරයි. ඒකත් යන්න ම ඕනේ නිසා හ්යොන්ග්ලා එක්කන් ගියා මිසක් නැත්නම් මට ඩෝම් එක ඇතුළෙවත් එහෙ මෙහෙ යන එක එයාලා තහනම් කරලයි තියෙන්නේ. ඇත්තම කියනවා නම් හ්යොන්ග්ලටත් වඩා Harumi තමයි මට මෙච්චර නීති දාන්නේ.

මන් හිටියේ ඩෝම් එකේ සාලේට වෙලා ෆෝන් එකේ එදා පාටි එක දවසේ ගත්තු Harumiගෙයි මගෙයි ෆොටෝ එක දිහා බලාගෙන. Kyu ඇරෙන්න හැමෝම DSP එකට ගිහින් නිසා මන් හිටියේ තනියම. මගේ තනියට කියලා Kyuව ඩෝම් එකේ තියලා ගියත්, කොහෙද එයා හ්යොන්ග්ලා ගියාට පස්සේ පේන්නවත් හිටියේ නෑ.

පාටි එකේ දී ගත්තු ෆොටෝ එකෙන් පස්සේ තිබුනේ අපි දෙන්නා කොන්සට් එක දවසේ ගත්තු ෆොටෝ එකක්. ඒ විදිහට මුළු ගැලරි එක ම බලපු මන් අන්තිමට නැවතුනේ අපි එයාගේ බර්ත්ඩේ එකට සප්‍රයිස් පාටි එකක් දුන්න දවසේ අපි හැමෝම ගත්තු ෆොටෝ එක ගාව. වෙන විදිහකට කියනවා නම් මට එයාව Harumi විදිහට මුණ ගැහුන පළවෙනි දවස.

එදා ඉඳන් අවුරුදු දහයක් ම ගෙවිලා ගිහින්. මුල් ම දවසේ එයාට මාව පෙන්නන්න බැරි වුනත් මේ කාලේ ඇතුළත අපි කොයි තරම් නම් ළං වෙලා ද? එදා ඉඳන් අද වෙනකන් අපි එකට හිනා වුන හැටි, එකට දුක බෙදා ගත්තු හැටි, එකට කාපු බීපු හැටි, බොරුවට රණ්ඩු වුන හැටි, ජීවිතේ ලස්සන ම මොහොතවල් එකට ගත කරපු හැටි.. මේ හැමදේටම ඕනේ තරම් සාක්ෂි මගේ මේ ෆෝන් එක ඇතුළේ ඇති. ඒත් ඇත්තටම අපි එකට ගත කරපු, ඒ වුණත් කැමරාවක සටහන් නො වුන තවත් ලස්සන මතක ගොඩක් මගේ හිත ඇතුළේ තියෙනවා.

Harumi ගැන මගේ මුල් ම සිතුවිල්ල වුනේ මන් පන්තියේ පළවෙනියා වුන එකට මාත් එක්ක ඉරිසියාවෙන් ඉන්න කෙල්ලෙක් විදිහට. ඒත් ඉක්මනට ම එයාගේ හිනාව පිටිපස්සේ තියෙන ඇත්ත ම කතාව දැනගන්න ලැබුන ම මට ඕනේ වුනේ එයාගේ ළඟින් ඉන්න හොඳ යාළුවෙක් වෙන්න. ඔව්.. ඇත්තටම මන් ඒක කළා. මන් දැන් බලපු ෆොටෝස් ඒකට ඕනේ තරම් සාක්ෂි දරාවි. ඒත් ළඟක දී ඉඳන් මගේ හිතට දැනෙන්නේ හරි අමුතු හැඟීමක්. නිකන් Harumi ගැන හිතද්දී මගේ හදවත ඕනෑවටත් වඩා වේගෙන් ගැහෙනවා වගේ. මුල දී නිතර නිතර Harumi ගැන හිතෙනකොට එයා මගේ හොඳ ම යාළුවා නිසා ඒක සාමාන්‍යයි කියලා හිතුවත් ටිකෙන් ටික මට තේරුණා ඒක යාළුකමකට එහා ගියපු දෙයක් කියලා. මට මතක් වුනේ අවුරුදු දහයකට කලින් Hae Seong මගෙන් අහපු ප්‍රශ්නේ.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now