Chapter 23

15 2 0
                                    

💚 "ආයිෂ්.. යාහ් ඔප්පා.."

Young Miගේ කේන්තියෙන් පිරුණ කටහඬ ඇහිලා අවදි වුන Kyu තනි ඇහැක් ඇරලා කෙල්ල දිහා බැලුවේ Young Saeng ඇස් දෙකත් පොඩි කර කර වෙලා තියෙන දේ තේරුම් ගන්න හදන අතරේ. මේසේ උඩ විතරක් නෙමේ බිම පුරා විසිරුණු බියර් කෑන්, සෝජු බෝතල් මැද වැටිලා නිදාගෙන හිටපු අනිත් කොල්ලෝ තුන් දෙනාට නම් Young Miගේ හඬ ගානක්වත් නො වුන පාටයි.

🤴 "මොකද Harumi මේ උදේ පාන්දර? "

Young Saeng ඇහුවේ තාමත් නිදිමතේ. නිදිමතට අමතරව ඊයේ රෑ කට්ටිය එකතු වෙලා බීපු ඒවගේ සැරත් යන්තම් වගේ කොල්ලට දැනුනා.

💚 "කොහෙද ඔප්පා උදේ පාන්දර වෙන්නේ? දැන් වෙලාව 9ත් පහු වෙලා. "

🐻 "මොකක්? "

ආපහු නිදාගෙන හිටපු Kyu ඉද්ද ගැහුවා වගේ කෙළින් වුනේ Young Miගේ කතාවට.

💚 "ඔව්.. කොහේ තේරෙන්න ද ඉතින් කට්ටිය ම බේබද්දෝ ටික වගේ එළි වෙනකන් බිව්ව ම. දැන්වත් නැගිටින්න. අමතක වුනා ද හෙට ෂූට් එක ගැන මීටින් එකක් තියෙනවා අද උදේ 10ට. "

Young Mi හැමෝටම දෙහි කපන අතරේ Kyuයි Young Saengයි ඉක්මනට අනිත් අයවත් අවදි කරලා නිදිමතේ ම තාමත් ඇස් පොඩි කරන ඒ සෙට් එක ම බාත්රූම්වලට තල්ලු කරලා හැම තැන ම දාලා තිබුන හිස් කෑන්, බෝතල්, වීදුරු එහෙම අස් කළේ දැනටමත් හොඳටම පරක්කු නිසා.

SS501ලගේ අන්තිම කොන්සට් එකෙන් පස්සේ මේ වෙනකොට සති හතරකට ආසන්න කාලයක් ගෙවිලා තිබුනේ Junගේ වළලුකරත් හොඳටම සනීප වෙද්දි. ඒත් ඒ ගෙවුන මාසයේ දවස් බහුතරයක් ගත වුණේ මේ විදිහට. ටුවර් එකත් ඉවර නිසා වගේ ම කන්ට්‍රෑක්ට් එක අලුත් නො කරන නිසා එයාලට කරන්න ඒ තරම් ගෘප් එකේ වැඩ ඉතිරි වෙලා තිබුනේ නෑ.

තවමත් හමුදා සේවයෙන් පස්සේ කාලය ගැන හරි තීරණයක් නැති නිසා වචනයෙන් නො කිව්වත් ලොකු දුකක් කොල්ලෝ පස් දෙනාගේ ම හිත්වල තදින් මුල් බැහැගෙන තිබුනා. ඒ නිසයි අන්තිම දවස වෙනකන් හැමෝම ඩෝම් එකේ රැඳිලා ඉන්න තීරණය කළේ. වචනයෙන් නො කිව්වට මොකද හිතේ දුක නිසා ම නිතර නිතර රෑට හැමෝම සාලෙට එකතු වුණේ සෝජු බෝතල්, බියර් කෑන් එහෙමත් අරගෙන. ඉතින් ඒ වගේ දවස්‌වල මුළු රෑ ම ගෙවුනේ එයාලා අවුරුදු දහයකටත් වඩා කාලයක් තිස්සේ එකට ගත කරපු අමතක නො වෙන මතක මතක් කරමින් අර අරගෙන ආපු ඒවට වග කියන අතරේ. පහුවදාට උදේ ම ඇහැරෙන්න වුවමනාවකුත් නැති නිසා ඒ වගේ ගොඩක් දවස්වල එයාලා අවදි වුණේ අද වගේ ම එක්කෝ Young Miගේ නැත්නම් එයාලගේ මැනේජර්ගේ බැනුමකින් තමයි.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now