Chapter 25

18 2 3
                                    

Author's POV

💚 "Junnie.. ඔයා කොහෙද දැන් යන්නේ? DSP එකට ද? "

Young Mi ඇහුවේ ගෙදර දොරකඩ ගාවට ම එයාව ගෙනත් ඇරලවලා ආපහු යන්න හැරුන Junගෙන්.

🐢 "නේ.. මන් ගිහින් කියන්න එපැයි හැමෝටම මන් ආදරේ කරන්නේ Kyuට නෙමේ, එයාගේ දොන්සෙන්ග්ට කියලා. "

Jun හිනාවකින් ම කෙල්ලගේ දකුණු අත කොල්ලගේ අත් අතරට අරගෙන මැණික්කටුව හරියේ තියෙන බර්ත් මාක් එක පිරිමැදලා කියද්දී Young Miටත් හිනා ගියා. ඇත්තටම මේ වෙද්දී Harumi - Jun ආදර කතාව නිල වශයෙන් ලියැවෙන්න පටන් අරගෙන සතියකුත් ගත වෙලා. ඒත් තවමත් ලෝකයට Junගේ ආදරවන්තිය රහසක්. හැබැයි ඒ ගැන පුංචි ම හරි ඉඟියක් හොයාගන්න ෆෑන්ස්ලා දරපු උත්සහයේ ප්‍රතිඵලයක් SS501ලා ඇතුළු මේ ගැන දැනගෙන හිටපු හැමෝවම හිනස්සන්න සමත් වුනා.

වුන දේ කෙටියෙන් පැහැදිලි කරනවා නම්.. Jun එදා ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් කරපු ෆොටෝ එක ලොකු කරලා බලපු අයට දකින්න ලැබුනේ Junගේ අතේ පැටලුන අනිත් අතේ මැණික්කටුව ළඟට වෙන්න තියෙන බර්ත් මාක් එකක්. Kyuගේ දකුණු අතෙත් ඒ වගේ ම බර්ත් මාක් එකක් තියෙන බව දැනගෙන හිටපු ට්‍රිපල් එස්ලා අතරේ පදනම් විරහිත වුනත් ඒ ෆොටෝ එකේ තියෙන අනිත් අතේ අයිතිකාරයා Kyu බවට කට කතාවක් පැතිරිලා තිබුනා. කට කතාවකට වඩා ඒක විහිළුවක් වුනත් මේ වෙද්දී ගොඩක් අයගේ අවධානය ඒකට යොමු වෙලා තිබුනා.

මේ ගැන අහන්න ලැබුන මුල් ම දවසේ Young Miත් කොල්ලො ටික එක්ක එකතු වෙලා පණ යනකන් හිනා වුනා. කොහොම වුනත් හිතාගෙන හිටියට වඩා කලින් Jun Harumi ගැන හැමෝටම කියන්න තීරණය කළේ විහිළුවක් වුනත් වැඩිකල් තියෙන එක හොඳ නැති නිසා. ඉතින් ඒ විදිහට SS501 කන්ට්‍රෑක්ට් එක ඉවර වුනාට පස්සේ එළි කරන්න හිටපු රහස ගැන අද හැමෝටම කියන්න Jun තෝරගෙන තිබුනේ ලයිව් එකක්.

🐢 "Harumi-ah.. එහෙනම් මන් ගිහින් එන්නම්. චුසිම්හෙයෝ. "

💚 "ම්ම්.. නෝදෝ චුසිම්හි කාසේයෝ (ඔයත් පරිස්සමින් යන්න) "

Young Miට සමු දුන්න Jun ආවේ DSP එකට. කලින් ස්ටාෆ් එකත් එක්ක කතා කරගත්තු විදිහට කොල්ලට ලයිව් යන්න ඕනේ කරන හැමදේම ඒ වෙනකොටත් ලෑස්ති කරලා තිබුනා.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now