Author Note

62 9 30
                                    

අදත් ආවේ කතාව දෙන්න නම් නෙමේ. මන් කතාව දෙනවට වඩා Author Note දානවා ද කොහෙද 😂 ඒත් ඉතින් කියන්න දේවල් කීපයක් තියෙනවා.. ඒ නිසා ඒ ටික කියලා යන්නයි ආවේ.

කොතනින් පටන් ගන්නද මන්දා.

~ ඉස්සෙල්ලම ඊළඟ update එක ගැන කියන්නම්කෝ... හැමෝම බලන් ඉන්නේ ඒකට නේ.

දැනට chapter 04 එකේ අඩු පාඩු හදාගෙන යන ගමන් ඉන්නේ. ඊළඟ අඟහරුවාදා හෝ බදාදා වෙද්දී ඒක update කරන්නම්.

~ ඊළඟට...

අන්තිම chapter එක, ඒ කියන්නේ chapter 03, මන් type කළේ ටිකක් විකාර mood එකකින්. Chapter එක කිව්වට author note එක. ඉතින් ඒකෙ දී මන් කියන්න හිටපු ගොඩක් දේවල් මන් කියලා නෑ කියලා මට තේරුණේ පස්සේ.

මන් මේ කතාව ලියන්න ගත්තේ හුදෙක් කතාවක් ලියන්න ම නෙමේ. මට කතා ලියන්න බෑ කියලා මන් හොඳට ම දන්නවා. ඒත් ගොඩක් අය නො දකින ජීවිතේ සමහර පැතිකඩ කීපයක් ගැන පෙන්නලා දෙන්න හිතාගෙන තමයි මන් මේක ලියන්න පටන් ගත්තේ. ඉතින් ඒ දේවල් පැහැදිලි කරලා දෙන එක මගේ වගකීමක් නේ.

මන් මේ ගැන නම් එදත් කිව්වා. ඒත් ඒක පැහැදිලි නෑ, විකාරයක් වගේ කියලා හිතුන නිසා ආයෙත් කියන්නේ.

මතකයි නේද Young Miට maths paper එකට ලකුණු අඩුයි කියලා එයාගේ අප්පා එයාට කනේ පාරක් ගැහුවා. මන් හිතන්නේ කියවපු හැමෝම බලාපොරොත්තු වෙන්න ඇත්තේ ගොඩක් අඩු ලකුණක්. ඒත් එයා ලකුණු 98ක්‌ අරගෙනත් තමයි එහෙම දෙයක් වුණේ කියලා දැන ගත්ත ම ඔයාලට ගොඩක් පුදුම හිතෙන්න ඇති. සමහරවිට එහෙම දෙයක් ලියපු එකට මට බැන්නා ද දන්නෙත් නෑ.

ඒත් මන් කලිනුත් කිව්වා වගේ මට කියන්න තියෙන්නේ එහෙම දේවල් ඕනෙ තරම් මේ ලෝකේ සිද්ධ වෙනවා. ඒ සිදුවීම මමත් imagine කරලා ලියපු එකක්. ඇත්තම කිව්වොත් කතාවේ basic plot එක, ඒ කියන්නේ මේ සිදුවීම, මගේ ඔළුවට ආවේ දැන් ගොඩ කාලෙකට කලින්. ඒත් මන් ඒක අමතක කරලා දැම්මා මෙහෙම දේවල් මේ ලෝකේ වෙන්න බෑ කියලා. True Beauty බැලුවට පස්සේ තමා මන් ආපහු පාරක් plot එක මතක් කරන් කතාව develop කළේ. True Beauty බලලා තියෙන අය දන්නවා... ඒකේ Soo Jinගෙ character එකත් ටිකක් Young Miගෙ වගේ.. එයාටත් එයාගේ තාත්තා පන්තියේ දෙවෙනියා වුණා කියලා ගහනවා... ඒත් ඇත්තට ම මන් කතාවේ plot එක හැදුවේ True Beauty release වෙන්නත් කලින්. ඒ නිසා මන් True Beauty copy කරලා නෑ... වුණ එක ම දේ මෙහෙම දේවල් වෙන්නේ නෑ කියලා මගේ තිබ්බ මතය True Beauty නිසා වෙනස් වුණා. කවුරු හරි මන් True Beauty copy කළා කියලා චෝදනා කළත් මගේ හෘද සාක්ෂිය දන්නවා මන් වැරදි නෑ කියන්න.. මට ඒ හොඳට ම ඇති.

Tears Behind Her Smile || SS501 [Completed] Dove le storie prendono vita. Scoprilo ora