Chapter 18

59 8 24
                                    

Young Mi's POV

💚 "අප්පා.. "

👨‍⚖️ "ඇයි ප්‍රින්සස්? "

අප්පා මගේ පැත්ත හැරුණේ ඇස්වල කඳුළු පිහදාන ගමන්. ඒ වෙනකොට කියාගන්න බැරි දේවල් ගොඩක් නිසා මගේ ඇස්වලත් කඳුළු පිරිලා තිබ්බත් මට ඒවා පිහදාන්න වුවමනාවක් තිබ්බේ නෑ. මේ වෙලාවේ මගේ හිතේ හොල්මන් කළේ එක දෙයක් විතරයි.

💚 "අප්පා මේ නිසා ද ඔප්පට ට්‍රේනින් නවත්තන්න කිව්වේ? මට ෆැෂන් ඩිසයිනින් නවත්තන්න කිව්වෙත්? "

මන් එහෙම අහද්දී අප්පගේ ඇස්වල අලුත් වුණ කඳුළු මට උත්තර දුන්නත් ඒත් එක්ක ම අප්පා මගේ අතින් අල්ලගත්තේ තවත් කතාවක් කියන්න වගේ.

👨‍⚖️ "නේ.. මන් ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් තවත් Ji Yoo කෙනෙක්වත් Minsu කෙනෙක්වත් වෙනවට බය වුණා. මට දැන් මේ ලෝකේ ඉතිරි වෙලා ඉන්න වටින එකම දේ ඔය දෙන්නා. ඉතින් මන් කොහොමද දැන දැන ම ඔයාලව අවදානමේ දාන්නේ? "

🐻 "ඒත්.. එතකොට ඇයි අප්පා කලින් අපිට පර්මිශන් දුන්නේ? "

ඔප්පා ඒ ඇහුවේ මගේ හිතෙත් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රශ්නයක්.

👨‍⚖️ "එතකොට Hanaත් අපිත් එක්ක හිටියනේ.. පොඩි කාලේ ඉඳන් ම ඔය දෙන්නා ගොඩක් ක්‌ලෝස් වුණේ එයාට. මන් දන්නවා ඔයාලා දෙන්නම මොන දේ වුනත් ඔම්මට කියනවා කියලා.. ඒ වගේ ම Hanaත් ඔයාලා ගැන හැම තිස්සෙ ම හොයලා බලනවා කියලා. ඒත් Hana අපිව දාලා ගියාට පස්සේ මන් බය වුණා මට එයා තරම් ඔයාලට ක්‌ලෝස් වෙන්න බැරි වෙයි කියලා.

මට ඔයාලට ක්‌ලෝස් වෙන්න බැරි නම් මට තිබුණ එකම විකල්පය ඔයාලව මන් ගාවින්, මට පේන මානෙන් තියාගන්න එක විතරයි. ඒකයි මන් ඔයාට ට්‍රේනින් නවත්තලා බිස්නස් බාරගන්න කිව්වේ.. ඔයා නැතුව කවදාවත් Harumi එයාගේ හීනෙට යන්නේ නෑ කියලා දන්න නිසා. ඒත් මන් හිතුවේවත් නැති විදිහට Harumi ඔයා වෙනුවට බිස්නස් බාරගන්නම් කියද්දි මට ඒකට කැමති වෙනවා ඇර වෙන කරන්න දෙයක් නැති වුණා. "

අප්පා කියද්දි මට මතක් වුණේ ඔප්පා වෙනුවට මට බිස්නස්වලට ජොයින් වෙන්න දෙන්න කියලා මන් අප්පට බල කරපු විදිහ. එදා මන් කරපු ඉල්ලීම නිසා අප්පා කොයි තරම් අසරණ වෙන්න ඇති ද?

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now