Chapter 03

119 15 51
                                    

"Ding Dong... Ding Dong..." (Doorbell rings)

❤️ "අාාා... පොඩි සර් ආවද?"

Yunji ඇහුවේ දොර ඉස්සරහ හිටගෙන ඉන්න කොල්ලගෙන්. ඒත් කොල්ලට නම් ඒකට උත්තර දෙන්න උවමනාවක් තිබ්බේ නෑ වගේ. කොල්ලා දිහා බලන ඕනේ කෙනෙක්ට තේරෙනවා කොල්ලා ඉන්නේ මොකක්හරි දේකට කලබල වෙලා කියලා.

❓ "Harumiට මොකද වුණේ?"

❤️ "වෙනදා වගේ ම තමා පොඩි සර්"

Yunji කිව්වේ ඇස්වල කඳුළු පුරවගෙන.

❓ "කෝ දැන් Harumi? "

❤️ "තාම කාමරේ. ඊයේ හවස ඉඳන් මුකුත් කාලත් නෑ. මෙන්න මිස්ගේ කාමරේ යතුර. පොඩි සර් ගිහින් කතා කරන්නකෝ. මන් කෑම අරන් එන්නම්. "

❓ "හරි මන් යන්නම්. ආහ්.. Yunji පොඩ්ඩක් ඉන්න. ඇයි Harumiට නම කියලා කතා කරලා මට පොඩි සර් කියන්නේ? මටත් නම කියලා කතා කරන්න."

❤️ "ඒත්..."

Yunji කියන්න යන දේ දන්න නිසා කොල්ලා Yunji කතා කරන්න කලින් කතා කළා.

❓ "මන් දන්නවා දැන් Yunji කියන්න යන්නේ ලොකු සර් දැනගත්තොත් බනියි කියලනේ. එයා නැති වෙලාවට විතරක් නම කියලා කතා කරන්න Harumiට වගේ. "

❤️ "හරි එහෙනම් මන් එහෙම කරන්නම්කෝ. ඒත් දැන් බෑ. පොඩි සර් මිස්ගේ කාමරේට ගිහින් මිස්ට කතා කරන්නකෝ. මන් ඉක්මනට එන්නම්. "

***********************

බැහැගෙන යන ඉර නිසා මුළු සෝල් අහස ම රත් පැහැ ගැන්විලා. ඒ අහසේ සුන්දරත්වය විඳින ගමන් ගාඩ්න් එකේ බෙන්ච් එකක වාඩි වෙලා හිටපු ජපන් ජාතික කාන්තාවගේ ඇස් යොමු වෙලා තිබ්බේ අතේ තියෙන මැහුමට. ඇය වයස අවුරුදු 33 ඉක්ම වූ දෙදරු මවක් වුණත් පිටතට පෙනුනේ නම් තාමත් නව යොවුන් වියේ පසුවන තරුණියක් වගේ. ඇගේ නම Ha Na.

"Pou roun ha noul
Oun-ha sou
Ha yan tchok pae en
Kye sou na
Mou han-na mou
To kki han ma ri

Tot tae to
A ni tal ko
Sat tae to op si
Ka ki to
Tchal to kan ta
So tchok
Na ra ro "

👩‍🦰 "ෂා... මගේ චූටි පුතා ලස්සනට සින්ග් කළා නේ. කවදාහරි මගේ Haruo ලෝකෙ ම දන්න ප්‍රසිද්ධ ගායකයෙක් වෙයි. "

ජපන් ජාතිකයෙක් වුණත් මෙච්චර වෙලා සින්දු කිව්ව වයස අවුරුදු 5ක විතර පිරිමි ළමයව බදාගෙන Ha Na👩‍🦰 එහෙම කිව්වේ කොරියානු භාෂාවෙන්.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now