Chapter 12

75 9 72
                                    

Kyu's POV

අන්තිම drawing එක අලවලා ඉවර වෙද්දිම මට ඇහුනේ කවුරුහරි දොරට තට්ටු කරනවා.

🐻 "ඇතුළට එන්න Yunji.. "

ඇවිත් ඉන්නේ Yunji කියලා හරියට ම නො දැන වුණත් මන් කිව්වේ මේ ගෙදර Harumi ගැනයි මන් ගැනයි මේ තරම් හොයලා බලන කෙනෙක්ට ඉන්නේ Yunji විතරක් නිසා.

❤️ "පුතේ.. දැන් වෙලාව 10ත් පහු වෙලා.. ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් දවල්ට කාලත් නෑ.. හවස කොෆී එකක් විතරයි බිව්වේ.. ඩිනර් ගන්න එන්නේ නැද්ද? නැත්නම් මන් රූම් එකට කෑම අරන් එන්නද? "

Yunji අපි ගැන වද වෙන ස්වරයකින් අහද්දී මට ඉබේ ම බැලුනේ Harumi දිහා. මේසේ උඩ ඔළුව තියාගෙන ම කෙල්ලට නින්ද ගිහින්. පව්.. අඬලා අඬල ම කෙල්ලට මහන්සි ඇති. කෙල්ල නිදාගෙන ඉන්න විදිහ දැක්ක ම ඇහැරවන්නත් ලෝබයි.

🐻 "Harumi නිදිනේ Yunji.. දැන් ඇහැරෙව්වත් එයා කන එකක් නැහැ. මටත් බඩගිනි නෑ.. Yunji කාලා නිදාගන්න. "

❤️ "ඒත්.. කමක් නෑ එහෙනම්. මන් පුතාගේ රූම් එක අස් කළා.. "

කියන්න හදපු දේ නො කියා Yunji එහෙම කිව්වේ Harumi අනිත් දවස්වලටත් මෙහෙම කන්නේ නැතුව නිදාගන්න යන නිසා කියලා මට තේරුණා.

🐻 "කුමාවොයෝ Yunji.. ඒත් අදට මන් Harumi ගාවින් ඉන්න කියලා බැලුවේ.. "

මන් Harumi ගාවට වෙලා රැය පහන් කරන එක Yunjiටවත් මටවත් අලුත් දෙයක්වත් අමුතු දෙයක්වත් නෙමේ. හැමදාම මන් ගෙදර ආවම Yunji මගේ රූම් එක අස් කරලා දෙනවා වුණත් ගොඩක් වෙලාවට මන් නිදාගන්නේ Harumiගේ රූම් එකේ.

❤️ "හරි එහෙනම් ඔයාලා නිදාගන්නකෝ. ජල්ජායෝ (sleep well) "

🐻 "ගුඩ් නයිට් Yunji.. "

Yunji ගියාට පස්සේ මන් ෆෝන් එකෙන් රෑ 12ට එලාම් එකත් තියලා මේසේ උඩ ම නින්ද ගිහින් හිටපු Harumiව ඇහැරවෙන්නේ නැති විදිහට උස්සලා ඇඳ උඩින් තිබ්බා. රූම් එකේ ලයිට්සුත් ඕෆ් කරලා ඇඳට ආපු මන් හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා Harumiගේ ඔළුව ඔඩොක්කුවෙන් තියාගෙන අතගාන්න ගත්තේ ඉස්සර නිතර ම ඔම්මත් එහෙම කරන නිසා. අපි කවුරු වුණත් දුකින් ඉන්න වෙලාවට ඔම්මා මේ වගේ ඔළුව අතගානවා.. එතකොට කොයි තරම් දුකෙන් හිටියත් නින්ද යන්නේ දන්නෙ ම නැතුව.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now