Chapter 02

120 19 42
                                    

@SS501 dorm

"Ding Dong... Ding Dong... " (Doorbell rings)

"ආයිෂ්... කවුද මන්දා මේ උදේ පාන්දර දොර කඩන්න හදන්නේ?? Kyu පොඩ්ඩක් බලන්නකෝ"

තාමත් නිදි මතේ වැනි වැනි කිචන් එකට එන ගමන් Hyun Joong කිව්වේ තමන්ගේ නින්ද කැඩුණු කේන්තියට.

🤴 "යා... Hyun Joong-ah දැන් කොහොමද උදේ පාන්දර වෙන්නේ? වෙලාව 8.30 ටත් ළඟයි. ඇයි මතක නැද්ද මැනේජර් හ්යොන්ග් අද අපේ අලුත් මෙම්බර්ව එක්කන් එනවා කිව්වා. ඉක්මන් කරලා වොෂ් එකක් දාගෙන එන්න. නැත්නම් අපිටත් හ්යොන්ග්ගෙන් කන පුරෝලා අහගන්න වෙන්නේ. "

"අප්පා... මට ඒක අමතක වුණා නේ. හරි හරි මන් ඉක්මනට එන්නම්. හ්යොන්ග්ව පොඩ්ඩක් ෂේප් කරගන්න හොඳේ. "

කියාගෙන Hyun Joong බාත්රූම් එකට දිව්වා.

"මතක තිබ්බත් උදෙන් ම ඇහැරෙයි මේන් කියලා "

තමන්ට ම එහෙම මුමුණ ගන්න ගමන් උයලා ඉවර වුණ කෑම ටික භාජනවලට බෙදපු Young Saengගෙ ඇස් දෙකට මේ පාර අහු උනේ සාලේ සෝෆා එකට වෙලා TV බලන Jung Minව.

🤴 "යා... Jung Min-ah මෙහෙට ඇවිත් මේ ටික අරන් යන්න උදවු කරන්නකෝ. "

මැනේජර් හ්යොන්ග්ත‍් ඇවිත් ඉන්න වෙලාවේ Young Saeng බනින්න පටන් ගත්තොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ කියලා දන්න නිසා ම Jung Minත‍් කිචන් එකට ගිහින් කෑම ටික මේසෙට අරන් යන්න උදවු කළා.


Meanwhile near the door

"ගුඩ් මෝනින් හ්යොන්ග්, ගුඩ් මෝනින්."

දොර ඇරපු ගමන් මැනේජර්ට ග්‍රීට් කරපු Kyu Jong ඊට පිටිපස්සෙන් හිටපු පොඩි කොල්ලටත‍් ග්‍රීට් කරන්න අමතක කළේ නෑ.

🧑 "ගුඩ් මෝනින් Kyu Jong-ah. "

🐢 "ගුඩ් මෝනින්. "

🧑 "කෝ අනිත් කට්ටිය? "

🐻 "කට්ටිය උදේට කන්න ලෑස්ති වෙන ගමන් හිටියේ. අද හ්යොන්ග්ත‍් එනවා කිව්ව නිසා Young Saeng හ්යොන්ග් ස්පෙෂල් රෙසිපි එකකුත් හැදුවා. යමුකෝ ඇතුළට. "

"අාාා ළමයි... ගුඩ් මෝනින්. කෝ Hyun Joong-ah?"

මැනේජර් හ්යොන්ග් ඇහුවේ සාලේ පුරා ඇස් යවන ගමන්.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now