Chapter 13

75 11 57
                                    

~ Flashback ~
(about 3 years ago)

Author's POV

👨‍⚖️ "Harumi.. ඉක්මනට එන්න ළමයෝ.. මට ඔෆිස් යන්න පරක්කු වෙනවා. "

Breakfast අරන් මේසෙන් නැගිට්ට අප්පා කිව්වේ පඩිපෙළේ පඩියක් ඇර පඩියක් උඩ පැන පැන බැහැගෙන එන Young Miට.

💚 "ඔහ්.. අප්පා තාම ගියේ නැද්ද? "

පඩිපෙළ බහින එකත් නතර කරලා Young Mi ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවා.

👨‍⚖️ "මන් යන්නේ කොහොමද ඔයා නැතුව? කෝ ඉක්මනට breakfast අරන් එන්න.. මන් 7.15 වෙද්දී ඔෆිස් එකේ ඉන්න ඕනේ. දැනටමත් පරක්කුයි. "

💚 "අප්පා.. අප්පා එහෙනම් යන්න. මන් ඔම්මා එක්ක ස්කූල් යන්නම්. කොහොමත් දැන් ම ගියා ම මට ගොඩ වෙලාවක් තනියම ඉන්න වෙනවා.. Yuri එන්නෙත් පරක්කු වෙලානේ. "

කෙල්ල කිව්වේ එයාගේ කියුට් හිනාවත් දාගෙන පඩිපෙළේ ඉතිරි ටිකත් බැහැලා අප්පා ගාවට එන ගමන්. දැක්ක ම කාට වුණත් බෑ කියන්න හිතෙන්නේ නැති ලස්සන හිනාවක් එයාට තිබ්බේ. ඒ නිසා ම මොනවහරි දෙයක් කරගන්න ඕනේ වුණා ම ඒ හිනාව දාන එක කෙල්ල දැන් පුරුද්දක් කරගෙන.

👨‍⚖️ "ඒත් එතකොට ඔම්මට ඔයාව දාන්න විතරක් ම එළියට යන්න වෙනවනේ. ඔම්මා පව්නේ. ඒ නිසා අදට මාත් එක්ක යමු.. මන් නැති දවසට පුළුවන්නේ ඔම්මා එක්ක යන්න. "

අප්පා කිව්වේ කෙල්ලගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සෙන් රඳවන ගමන්.

💚 "අනි.. ඔම්මා යනවා කිව්වා ඔප්පව බල.. "

Young Mi කිය කිය හිටපු එක බාගෙට නවත්තලා අතින් කට වහගත්තේ හරියට වැරදි දෙයක් කියවුණා වගේ.

👨‍⚖️ "ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. මෙයාට තියෙන්නේ කලින් යන්න බැරිකමක් නෙමේ.. ඔප්පා බලන්න යන්න ඕනිකමක්. "

අප්පා හිනා වෙලා කෙල්ලගේ කම්මුලකුත් මිරිකලා එහෙම කිව්ව ම කෙල්ල කළේ ආපහු අර එයාගේ කියුට් හිනාව දාපු එක.

👩‍🦰 "අනේ අනේ මේ අප්පගෙයි දුවගෙයි නාකි හුරතලේ. Harumi.. ඉක්මනට ගිහින් කෑම කන්න.. නැත්නම් ඔයාටමයි පරක්කු වෙන්නේ හොඳේ. "

💚 "හරි හරි ඔම්මා මේ යනෝ.. "

කියලා Young Mi දුවගෙන ගියේ කෑම මේසෙට.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now