Chapter 09

100 10 70
                                    

Young Mi's POV

කාර් එකට නැගලා ජැකට් එක ගලවපු මම යුනිෆෝම් එකේ අත් දෙකත් වැලමිට ගාවට ම නවාගෙන ගෙදරට එනකන් ම කළේ පිටිපස්සේ සීට් එකට වෙලා බෑග් එකත් තදින් තුරුළු කරගෙන නියපොතු හප හප කල්පනා කරපු එක.

🗯️ "මිස්.. අපි ගෙදරට ආවා. "

මන් කල්පනා ලෝකයෙන් මිදුණේ කාර් එකේ ඩ්‍රයිවර් අජශ්ශීගේ (uncle) කටහඬින්. ඔහ්.. දන්නෙ ම නැතුව අපි ගෙදරට ඇවිල්ලා.

💚 "ඔහ්.. මියන්හේ (sorry) අජශ්ශී මට තේරුණේ නෑ ගෙදරට ආවා කියලා. මන් වෙන කල්පනාවක හිටියේ. "

🗯️ "ඒකට කමක් නෑ මිස්.. මිස්ට අසනීප ද? මූණත් සුදුමැලි වෙලා. "

අජශ්ශී අහද්දී දෙන්න උත්තරයක් නැතුව මන් අසරණ වුණා. කාටවත් බොරු කියන්න මන් කැමති නෑ. ඒත් මේ ගැන අජශ්ශීට කියන්න විදිහකුත් නෑ. මොකද ඔප්පයි Yunjiයි ඇරුණ ම ගෙදර හැමෝටම මට අප්පා සලකන විදිහ රහසක්. අනිත් අයට කියන්න පුළුවන්කම තිබ්බත් මන් මුකුත් නො කිව්වේ එයාලා.. විශේෂයෙන් අප්පා යටතේ වැඩ කරන අය.. අප්පා ගැන වැරදි ප්‍රතිරූපයක් මවා ගන්නවට මන් කැමති නැති නිසා.

💚 "අහ්.. අනි (no).. ග්වෙන්චනායෝ (I'm fine) සීතල නිසා වෙන්නැති අජශ්ශී. මන් එහෙනම් යන්නම්. "

අමාරුවෙන් මූණට හිනාවක් අරන් අජශ්ශීට එහෙම කියලා මන් අතේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාවත් බල බල ඉක්මනට දිව්වේ මගේ කාමරේට. අප්පා දුන්න විනාඩි 20න් ඉතිරි තව එක ම එක විනාඩියක් විතරයි. මන් දන්නවා.. මේ වෙද්දී අප්පා හැමදේම දන්නවා කියලා. ඒත් පුරුද්දට වගේ රිපෝට් කාඩ් එකත් අතට අරන් මන් අප්පගේ ඔෆිස් රූම් එකට දිව්වේ කාමරේට ආපු Yunji දිහාවත් බලන්නේ නැතුව.. මොකද අප්පා කියන්නේ වෙලාවට වැඩ කරන කෙනෙක්. ඉතින් අප්පට කේන්ති ගිහින් ඉන්න වෙලාවේ මාත් පරක්කු වුණොත් අද මට මොනවයින් මොනා වෙයි ද දන්නේ නෑ.

Knock knock

👨‍⚖️ "Come in. "

අප්පගේ අවසරය ලැබෙනවත් එක්ක ම මන් ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ගියා. අප්පා හිටියේ මේසේ උඩ තිබ්බ ඔරලෝසුව දිහා බලාගෙන.

👨‍⚖️ "හ්ම්.. හරි වෙලාවට ම ආවා නේ. "

වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා එන ගමන් අප්පා එහෙම කියද්දී මන් සැනසුම් සුසුම් හෙළුවේ මන් පරක්කු නෑ කියලා දැනගත්ත නිසා.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now