Author Note

13 2 0
                                    

ඔන්න එහෙනම් Tears Behind Her Smile ඉවරයි. මුලින් ම මට සමාවෙන්න මේක ඉවර කරන්න මේ තරම් කාලයක් ගත්තට. අවුරුදු දෙක හමාරකටත් වඩා කාලයක් ගත්තනේ මන් මේක ඉවර කරන්න. ඇත්තටම මට මගේ හේතු තිබ්බා ඒ තරම් කාලයක් ගන්න. ඒ කොහොම වුණත් මෙච්චර කාලයක් ඔයාලට බලන් ඉන්න සැලැස්සුවට මියන්හේ 😢
ඒ වගේ ම මන් ඒ තරම් කාලයක් අරගෙනත් තවමත් කතාව අන්තිම වෙනකන් රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම මන් ගොඩක් ණයගැතියි 🥺💚

මේක SS501 ෆෑන් ෆික්ෂන් එකක්. මන් හොඳින් ම දන්නවා ලංකාවේ ට්‍රිපල් එස් ෆෑන්බේස් එක ගොඩක් අඩුයි වගේ ම ඒ ඉන්න අයගෙන් බහුතරයක් මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ බව දැන දැනත් මන් මේක පටන් අරන් අන්තිම වෙනකන් ලිව්වේ SS501ලා ගැන නො දන්න අය අතරටත් යන්තම් හරි එයාලා ගැන අරගෙන යන්න ඕනේ කියලා හිතුන නිසා. ඇත්තටම නිකන් ම එයාලව අමතක වෙලා යන්න ඉඩ දෙන්න බැරි තරමට SS501ලා ගොඩක් වටිනවා.
ඒ කොහොම වුණත් මන් බලාපොරොත්තු වුනා වගේ ම මේ කතාවට හිටපු රීඩර්ස්ලා ප්‍රමාණය මන් මේ වෙනකොට ලියලා තියෙන BTS ෆික්ෂන් එකේ රීඩර්ස්ලා එක්ක බලද්දී බොහොම සුළු ප්‍රමාණයක්. ඒ වුණත් මුල ඉඳලා ම කතාවට කමෙන්ට් කරලා, වෝට් කරලා, නිහඬවම හරි කමක් නෑ කියවලා උදව් කරපු හැමෝටම කුමාවෝයෝ 🥺

TBHS.. අවංකවම කියනවා නම් මගේ අතින් ලියැවුන මන් වැඩිපුර ම ආදරේ කරන කතාව. මේක පටන් ගත්තේ පළවෙනි චැප්ටර් එකේ තිබුන පුංචි සිද්ධියෙන්. ඒ සිද්ධිය විතරක් හිතට ආපු අදහසකට ලියලා දාලා කතාවේ සම්පූර්ණ ප්ලොට් එක ම මන් හැදුවේ ඊටපස්සේ. ඉතින් මේ තමයි අවුරුදු දෙක හමාරකට කලින් මන් හදපු ඒ ප්ලොට් එක. කතාවේ තිබුන හැම සිද්ධියක් ම හේතු ඇතුව එකිනෙකට ගලපලා ලියන්න මන් ගොඩක් මහන්සි වුනා. ඒ වෙනුවෙන් මන් නිතර ම වද දුන්න කීප දෙනෙක් හිටියා "හලෝ මේක ගැලපෙනවද?", "මේක කියෙව්වම මොකද හිතෙන්නේ?" ගගා වෙලාවක් නැතුව මන් කරදර කරපු. ඉතින් ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි ❤️

ඔයාලා ගොඩක් අය දන්නවා වගේ TBHS කියන්නේ මගේ පළවෙනි කතාව. මේක ලියන අතරේ මන් තව චූටි කතා කීපයක් ම ලියලා ඉවර කළත් මේක තමයි මන් මගේ ජීවිතේ පළවෙනි වතාවට ලියපු කතාව. කතාවේ මුල ඉඳලා එද්දී ඔයාලට මගේ ලියන විදිහේ ලොකු වෙනස්වීම් දැනුන ද දන්නේ නෑ. ඒත් මන් හිතන විදිහට TBHS තමයි Sithmi Himansa කියන ඕතර්ගේ චරිතය ගොඩ නැගුවේ.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now