Chapter 19

72 10 27
                                    

Yuri's POV

මේ වුණ දේවල්.. ඇත්තටම මේ හැම දෙයක් ම මටත් හීනයක් වගේ. මන් Young Miවයි Kyu ඔප්පවයි විතරක් නෙමේ.. එයාලගේ ඔම්මවයි අප්පවයිත් අඳුරන්නේ මට අවුරුදු හතේ ඉඳන්. කිසිම දවසක ඔම්මා කෙනෙක්ගේ, අප්පා කෙනෙක්ගේ උණුහුමක් ලබපු නැති මට ඔම්මා, අප්පා වුණේ Young Miගේ ඔම්මයි අප්පයි. මගේ කැමැත්ත නිසා නීතියෙන් මගේ දෙමව්පියෝ නො වුණත් ඒ දෙන්නා මන් ගැන හැම වෙලේ ම හොයලා බැලුවා. ඒ නිසා Young Mi, Kyu ඔප්පා තරම් ම මන් ඔම්මයි අප්පයි ගැන දන්නවා.

ඒ කොහොම වුණත් මෙච්චර කාලෙකට මට තේරුම් ගන්න බැරි වුණ එක ම දේ තමයි ඔම්මා අපිව දාලා ගියාට පස්සේ අප්පා වෙනස් වුණ විදිහ. Kim Dae Won කියන්නේ බිස්නස් ෆීල්ඩ් එකේ අයට ටිකක් තද ගති තියෙන කෙනෙක් වුණත් මන් අප්පගෙන් දැක්කේ ඊට හාත්පසින් ම වෙනස් චරිතයක්. අප්පා Young Miලට කොයි තරම් ආදරේ කළා ද කියලා දැකපු ඕනේ කෙනෙකුට තේරේවි මන් කියන දේ.

දවසක් Young Miගේ ගෙදර ගියපු වෙලේ අහම්බෙන් වගේ කෙල්ල කාමරේට වෙලා කම්මුලත් අල්ලගෙන අඬන හැටි දකිනකන් ම මන් වගේ ම ඔප්පත් හිතුවේ ඉස්සර Young Miගේ මූණේ හැම වෙලේ ම තිබ්බ හිනාව ටිකෙන් ටික අඩු වුණේ කෙල්ලගේ ළඟින් ම හිටපු ඔම්මා එයාව දාලා ගියපු දුකට කියලා. ඒත් එදා බලෙන් ම වගේ කෙල්ලගෙන් අහලා අඬන්න හේතුව දැනගත්ත ම මට දැනුන හැඟීම.. අදටත් ඒක විස්තර කරන්න මන් ගාව වචන නෑ. එයාට ඒ තරම් ආදරේ කරපු අප්පා ම එයාට ගැහුවා කියලා කිව්ව ම.. අඩු තරමේ මට තියා ඔප්පටවත් විශ්වාස කරන්න බැරි වුණා අප්පගේ කටින් ම ඒක ඇත්ත කියලා කියවෙනකන්. එදායින් පස්සේ Young Miගෙයි ඔප්පගෙයි ජීවිත වෙනස් වුණේ හරි පුදුම විදිහට. ජීවිතේ විඳින්න ඕනේ දේවල් වුවමනාවට වඩා තිබිලත් එයාලට වුණේ විඳවන්න. ඒ දිහා බලාගෙන ඉද්දි නන්නාඳුනන කෙනෙකුගේ එක පුංචි අත්වැරදීමකින් කෙනෙකුගේ ජීවිතේට මේ තරම් වෙනසක් කරන්න පුළුවන් ද කියලා මට හිතුන වාර ගණන අනන්තයි.

අප්පා Young Miට ගොඩක් නපුරු වෙන්න ඇති.. ඒත් කෙල්ල හැමදාම ඒවා ඉවසුවා. පරණ මතකත් එක්ක දරාගන්න ම බැරි තැන්වල දී අඬලා දුක තුනී කරගත්තත් කවදාවත් එයා මෝඩ තීරණ අරගෙන නෑ. විශ්වාස කරනවද.. මේ අවුරුදු තුනට ම එයා කිව්වේ අප්පට එහෙම හැසිරෙන්න මොකක්හරි හේතුවක් ඇති කියලා කියලා? කොහොමද Young Mi ඔයා ඔය තරම් මිනිස්සුන්ව තේරුම් ගන්නේ? මන් දන්නවා ඒ නිසා ඔයාට කිසිම පසුතැවීමක් නම් නැතුව ඇති.

Tears Behind Her Smile || SS501 [Completed] Where stories live. Discover now